“මහණෙනි, පාපය කෙරෙහි ලැජ්ජා නැති බවත්, භය නැති බවත් එකතු වී ඇති අකුසල ධර්මයන්ගේ පැවැත්මට මුල් කරුණ වන්නේ අවිද්‍යාවයි. අවිiාවෙන් යුක්ත වූවහුට අවිද්‍යාව තුළින් දකින්නහුට වැරදි දෘෂ්ටිය හටගනියි. වැරදි දෘෂ්ටියෙන් යුක්ත වූවහුට වැරදි සංකල්පනා හටගනියි. වැරදි සංකල්පනා ඇතියහුට වැරදි වචන හටගනියි. වැරදි වචන ඇතියහුට වැරදි කායික ක්‍රියා හටගනියි. වැරදි කායික ක්‍රියා ඇත්තහුට වැරදි ජීවිකාව හටගනියි. වැරදි ජීවිකාව ඇත්තහුට වැරදි වීර්යය හටගනියි. වැරදි වීර්යය ඇත්තහුට වැරදි සිහිය හටගනියි. වැරදි සිහිය ඇත්තහුට වැරදි චිත්තේකාග්‍රතාව හටගනියි. වැරදි චිත්තේකාග්‍රතාවය ඇත්තහුට වැරදි නුවණ හටගනියි. වැරදි නුවණ ඇත්තහුට වැරදි විමුක්තිය හටගනියි.
මහණෙනි, පාපය කෙරෙහි ඇති ලැජ්ජාවත්, භයත් එකතු වී ඇති කුසල ධර්මයන්ගේ පැවැත්මට මුල් කරුණ වන්නේ විද්‍යාවයි. විද්‍යාවෙන් යුක්ත වූවහුට විiාව තුළින් දකින්නහුට නිවැරදි දෘෂ්ටිය හටගනියි. නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වූවහුට නිවැරදි සංකල්පනා හටගනියි. නිවැරදි සංකල්පනා ඇතියහුට නිවැරදි වචන හටගනියි. නිවැරදි වචන ඇතියහුට නිවැරදි කායික ක්‍රියා හටගනියි. නිවැරදි කායික ක්‍රියා ඇත්තහුට නිවැරදි ජීවිකාව හටගනියි. නිවැරදි ජීවිකාව ඇත්තහුට නිවැරදි වීර්යය හටගනියි. නිවැරදි වීර්යය ඇත්තහුට නිවැරදි සිහිය හටගනියි. නිවැරදි සිහිය ඇත්තහුට නිවැරදි චිත්තේකාග්‍රතාව හටගනියි. නිවැරදි චිත්තේකාග්‍රතාවය ඇත්තහුට නිවැරදි නුවණ හටගනියි. නිවැරදි නුවණ ඇත්තහුට නිවැරදි විමුක්තිය හටගනියි ”
සාදු! සාදු!! සාදු!!!
විජ්ජා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M