අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.3.1.3. මිච්ඡත්ත සුත්තං

10.3.1.3. වැරදි දෙය ගැන වදාළ දෙසුම

“මහණෙනි, වැරදි දෙයකට පැමිණීමෙන් වරදින්නේ ම වෙයි. යහපතක් නොවන්නේ ය. මහණෙනි, වැරදි දෙයකට පැමිණීමෙන් වරදින්නේ කෙසේද? යහපතක් නොවන්නේ කෙසේද?

මහණෙනි, වැරදි දෘෂ්ටියක් ඇති කෙනාට හරියන්නේ වැරදි සංකල්පයයි. වැරදි සංකල්පය ඇති කෙනාට හරියන්නේ වැරදි වචන භාවිතයයි. වැරදි වචන භාවිතය ඇති කෙනාට හරියන්නේ වැරදි කායික ක්‍රියාවන් ය. වැරදි කායික ක්‍රියා ඇති කෙනාට හරියන්නේ වැරදි ජීවිකාවයි. වැරදි ජීවිකාව ඇති කෙනාට හරියන්නේ වැරදි වීර්යයයි. වැරදි වීර්යය ඇති කෙනාට හරියන්නේ වැරදි සිහියයි. වැරදි සිහිය ඇති කෙනාට හරියන්නේ වැරදි සමාධියයි. වැරදි සමාධිය ඇති කෙනාට හරියන්නේ වැරදි ඥානයයි. වැරදි ඥානය ඇති කෙනාට හරියන්නේ වැරදි විමුක්තියයි. මහණෙනි, මේ අයුරින් වැරදි දෙයකට පැමිණීමෙන් වරදින්නේ ම වෙයි. යහපතක් නොවන්නේ ය.

මහණෙනි, නිවැරදි දෙයකට පැමිණීමෙන් යහපතක් වන්නේ ම වෙයි. වැරැද්දක් නොවන්නේ ය. මහණෙනි, නිවැරදි දෙයකට පැමිණීමෙන් යහපතක් වන්නේ කෙසේද? වැරැද්දක් නොවන්නේ කෙසේද?

මහණෙනි, නිවැරදි දෘෂ්ටියක් ඇති කෙනාට හරියන්නේ නිවැරදි සංකල්පයයි. නිවැරදි සංකල්පය ඇති කෙනාට හරියන්නේ නිවැරදි වචන භාවිතයයි. නිවැරදි වචන භාවිතය ඇති කෙනාට හරියන්නේ නිවැරදි කායික ක්‍රියාවන් ය. නිවැරදි කායික ක්‍රියා ඇති කෙනාට හරියන්නේ නිවැරදි ජීවිකාවයි. නිවැරදි ජීවිකාව ඇති කෙනාට හරියන්නේ නිවැරදි වීර්යයයි. නිවැරදි වීර්යය ඇති කෙනාට හරියන්නේ නිවැරදි සිහියයි. නිවැරදි සිහිය ඇති කෙනාට හරියන්නේ නිවැරදි සමාධියයි. නිවැරදි සමාධිය ඇති කෙනාට හරියන්නේ නිවැරදි ඥානයයි. නිවැරදි ඥානය ඇති කෙනාට හරියන්නේ නිවැරදි විමුක්තියයි. මහණෙනි, මේ අයුරින් නිවැරදි දෙයකට පැමිණීමෙන් යහපතක් වන්නේ ම වෙයි. වැරැද්දක් නොවන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

මිච්ඡත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M