☰
“මහණෙනි, මෙම සප්ත බොජ්ඣංගයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ත්‍රිවිද්‍යාවසම්පූර්ණ වෙයි. ඒ කවර සතක් ද යත්;
සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය. මහණෙනි, මෙම සප්ත බොජ්ඣංගයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ත්‍රිවිද්‍යාව සම්පූර්ණ වෙයි. ඒ කවර තුනක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව නොයෙක් අයුරින් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම්, එක් උපතක් ද, උපත් දෙකක් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත ව උද්දේස සහිත ව නොයෙක් අයුරින් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි.
මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ වූ දිව්‍ය නේත්‍රයෙන් ….(පෙ)…. කර්මානුරූප ව සත්වයන් මියයන, උපදින අයුරු දකියි.
ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ….(පෙ)…. අත්දැක එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, මෙම සප්ත බොජ්ඣංගයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, මෙම ත්‍රිවිද්‍යාව සම්පූර්ණ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
බොජ්ඣංග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M