“මහණෙනි, මෙම ත්‍රිවිධ ශ්‍රමණ සංඥාව දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ධර්ම සතක් පිරිපුන් වී යති. කවර තුනක් ද යත්;
1. ගිහි සැරසීමෙන් වෙන් වූ සිවුරු පෙරවීම්, පාත්‍රා පරිහරණය කිරීම් ආදී ශ්‍රමණ පිරිකර සහිත ව විවර්ණ භාවයට පැමිණියේ වෙමි.
2. මාගේ දිවි පැවැත්ම බැඳී තිබෙන්නේ අන්‍යයන් දෙන සිව්පසය මත ය.
3. ගිහියෙකුගේ ආකල්පයෙන් වෙනස් වූ ශ්‍රමණයන්ගේ ආකල්ප මා තුළ ඇති කරගත යුත්තේ ය.
මහණෙනි, මෙම ත්‍රිවිධ ශ්‍රමණ සංඥාව දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ධර්ම සතක් පිරිපුන් වී යති. ඒ කවර සතක් ද යත්:
1. නිතර සකස් කරන සහ නිතර යහපත් ව පවත්වන සීලයෙන් යුක්ත වේ.
2. දැඩි ලෝභයෙන් තොර ව වාසය කරයි.
3. ද්වේෂයෙන් තොර ව වාසය කරයි.
4. නිහතමානී වෙයි.
5. හික්මෙන්නට කැමති වෙයි.
6. ජීවිත පරිෂ්කාරයන් පිළිබඳ ව ඔහුට ‘මෙය ප්‍රමාණවත් ය’යි යන හැඟීම වෙයි.
7. පටන් ගත් වීර්යයෙන් යුක්ත වෙයි.
මහණෙනි, මෙම ත්‍රිවිධ ශ්‍රමණ සංඥාව දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට මෙම ධර්ම සත පිරිපුන් වී යති.
සාදු! සාදු!! සාදු!!!
සමණසඤ්ඤා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M