මහණෙනි, දස කරුණෙකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව යම් යම් දිශාවක වාසය කරයි නම් පහසුවෙන් ම වසන්නේ ය. ඒ කවර දස කරුණකින් ද යත්;
1. ස්ථවිර භික්ෂුව පැවිදි ව බොහෝ කල් ඇත්තේ, බොහෝ රාත්‍රී ඉකුත් වූයේ වෙයි.
2. සිල්වත් වෙයි ….(පෙ)…. සික පදයන් හි සමාදන් ව හික්මෙයි.
3. බහුශ්‍රැත වෙයි. ….(පෙ)…. නුවණින් අවබෝධ කළේ ය.
4. ඔහු විසින් භික්ෂු, භික්ෂුණී උභය ප්‍රාතිමෝක්ෂයෝ විස්තර වශයෙන් මැනැවින් ගන්නා ලද්දාහු වෙති. එහිලා සූත්‍ර වශයෙන් ද, අනුව්‍යංජන වශයෙන් ද මැනැවින් බෙදන ලද්දාහු වෙති. මැනැවින් පවත්වන ලද්දාහු වෙති. මැනැවින් විනිශ්චය කරන ලද්දාහු වෙති.
5. හටගන්නා වූ අර්බුදයන් සංසිඳවීමෙහි දක්ෂ වෙයි.
6. භික්ෂුව ධර්මයට කැමති වූයේ වෙයි. ප්‍රිය වූ බසින් ධර්මය දෙසන්නේ ද වෙයි. ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ වෙයි.
7. ලද දෙයින් සතුටු වන්නේ වෙයි. ලද සිවුරකින්, පිණ්ඩපාතයකින්, සෙනසුනකින්, ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වන්නේ වෙයි.
8. ඉදිරියට යද්දී, පෙරලා එද්දී ප්රසාදජනක වූ ඉරියව් ඇත්තේ වෙයි. නිවසක් තුළ අසුන් ගෙන සිටිද්දී ද මැනැවින් සංවර ව සිටින්නේ වෙයි.
9. ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව දී සුවසේ වාසය කළ හැකි සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබයි. නිදුකින් ලබයි. පහසුවෙන් ලබයි.
10. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, මෙම දස කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව යම් යම් දිශාවක වාසය කරයි නම් පහසුවෙන් ම වසන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
ථේර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M