එක් සමයක ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ චේති ජනපදයෙහි සහජාතියෙහි වැඩවෙසෙති. එකල්හී ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ
“ආයුෂ්මත් මහණෙනි” යි භික්ෂූන් ඇමතූහ. “ආයුෂ්මතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ මෙය වදාළහ.
“ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් අධිගමයන් පිළිබඳ ව මහා ඉහළින් කතා කරන්නේ වෙයි. හෙළිදරව් කොට කතා කරන්නේ වෙයි. ‘මම පළවෙනි ධ්‍යානයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම දෙවෙනි ධ්‍යානයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම තුන්වෙනි ධ්‍යානයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම සතරවෙනි ධ්‍යානයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම ආකාසානඤ්චායතනයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම විඤ්ඤාණඤ්චායතනයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි’ යි.
එකල්හී තථාගතයන් වහන්සේ වේවා, ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ වේවා, අර භික්ෂුවගෙන් කරුණු විමසයි. ප්‍රශ්න කරයි. දහම් කථාව කරයි. තථාගතයන් වහන්සේ විසින් හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙකු විසින් හෝ කරුණු විමසන විට, ප්‍රශ්න අසන විට, දහම් කථාව කරන විට ඒ භික්ෂුවගේ ප්‍රකාශය හිස් බවට පත්වෙයි. ගුණ රහිත බවට පත්වෙයි. හානියට පත්වෙයි. කරදරයට පත්වෙයි. වෙනත් කරදරයකට හෝ පත්වෙයි.
තථාගතයන් වහන්සේ හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙසේ ඒ භික්ෂුවගේ සිත තම සිතින් විග්‍රහ කොට මෙනෙහි කරයි.
මේ ආයුෂ්මතුන් කවර කරුණක් මත ද අධිගමයන් පිළිබඳ ව මහා ඉහළින් කතා කරන්නේ ? හෙළිදරව් කොට කතා කරන්නේ ? එනම් ‘මම පළවෙනි ධ්‍යානයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. ….(පෙ)…. මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි’ යි යනුවෙනි.
තථාගතයන් වහන්සේ හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙසේ ඒ භික්ෂුවගේ සිත තම සිතින් විග්‍රහ කොට දැනගනියි.
1. මේ ආයුෂ්මත් තෙමේ බොහෝ කලක් තිස්සේ කැඩුණු සිල් ඇත්තේ ය. සිදුරු වූ සිල් ඇත්තේ ය. පැල්ලම් වැදුණු සිල් ඇත්තේ ය. නිතර නොසකසන සිල් ඇත්තේ ය. නිතර නොපවත්වන සිල් ඇත්තේ ය. මේ ආයුෂ්මත් තෙමේ දුසිල් කෙනෙකි. මේ දුස්සීල බව වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්ම විනයෙහි පරිහානියට කරුණකි.
2. මේ ආයුෂ්මත් තෙමේ ශ්‍රද්ධා නැත්තේ ය. මේ ශ්‍රද්ධා නැති බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
3. මේ ආයුෂ්මත් තෙමේ අල්පශ්‍රැත වූ ආචාර රහිත කෙනෙකි. මේ අල්පශ්‍රැත බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
4. මේ ආයුෂ්මත් තෙමේ කීකරු නැත්තේ ය. මේ අකීකරු බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
5. මේ ආයුෂ්මත් තෙමේ පවිටු පුද්ගලයන් හා මිත්‍රත්වය ඇත්තේ ය. මේ පවිටු මිතුරන් ඇසුර වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
6. මේ ආයුෂ්මත් තෙමේ කුසීත කෙනෙකි. මේ කුසීත බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
7. මේ ආයුෂ්මත් තෙමේ සිහි මුළා වූ කෙනෙකි. මේ සිහි මුළා බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
8. මේ ආයුෂ්මත් තෙමේ කුහක කෙනෙකි. මේ කුහක බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
9. මේ ආයුෂ්මත් තෙමේ පහසුවෙන් පෝෂණය කළ නොහැකි කෙනෙකි. මේ පහසුවෙන් පෝෂණය කළ නොහැකි බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
10. මේ ආයුෂ්මත් තෙමේ ප්‍රඥා රහිත කෙනෙකි. මේ දුෂ්ප්‍රාඥ බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. යහළුවෙක් යහළුවෙකුට මෙසේ කියයි. ‘ප්‍රිය මිත්‍රය, යම් කලෙක ඔබට ධනයෙන් කළ යුතු දෙයක් ඇත්නම්, මාගෙන් ධනය ඉල්ලන්න. ඔබට මම් ධනය දෙමි’යි.
එකල්හී ධනයෙන් කළ යුතු කිසියම් කරුණක් ඇති වූ විට අර සහායකයා උදව් වෙන්නට පොරොන්දු වූ සහායකයාට මෙසේ කියයි. ‘ප්‍රිය මිත්‍රය, මට ධනයෙන් කළ යුතු දෙයක් ඇත. මට ධනය දෙනු මැනැව’යි. එවිට ඔහු මෙසේ කියයි. ‘එසේ වී නම් මිත්‍රය, මෙතන කණිනු මැනැව’යි. ඔහු එහි කණින්නේ කිසිවක් නොලබන්නේ ය.
එවිට ඔහු මෙසේ කියයි. ‘යහළුව, මෙතන කණින්නැ’යි කියා නුඹ මට බොරු කීවෙහි ය. යහළුව, නුඹ මට හිස් බසක් කීවෙහි ය. එකල්හී ඔහු මෙසේ කියයි. ‘මිත්‍රය, මම නුඹට බොරු නොකීමි. හිස් බසක් නොකීමි. එසේ වී නම් මිත්‍රය, මෙතැන කණින්නැ’යි. එවිට ඔහු එතැනත් කණින්නේ ධනය නොලබන්නේ ය.
එවිට ඔහු මෙසේ කියයි. ‘යහළුව, මෙතන කණින්නැ’යි කියා නුඹ මට බොරු කීවෙහි ය. යහළුව, නුඹ මට හිස් බසක් කීවෙහි ය. එකල්හී නැවත ඔහු මෙසේ කියයි. ‘මිත්‍රය, මම නුඹට බොරු නොකීමි. හිස් බසක් නොකීමි. එසේ වී නම් මිත්‍රය, මෙතැන කණින්නැ’යි. එවිට ඔහු එතැනත් කණින්නේ ධනය නොලබන්නේ ය.
එවිට නැවත ඔහු මෙසේ කියයි. ‘යහළුව, මෙතන කණින්නැ’යි කියා නුඹ මට බොරු කීවෙහි ය. යහළුව, නුඹ මට හිස් බසක් කීවෙහි ය. එකල්හී නැවත ඔහු මෙසේ කියයි. ‘මිත්‍රය, මම නුඹට බොරු නොකීමි. හිස් බසක් නොකීමි. එසේ වී නම් මිත්‍රය, මෙතැන කණින්නැ’යි. එවිට ඔහු එතැනත් කණින්නේ ධනය නොලබන්නේ ය.
එවිට නැවත ඔහු මෙසේ කියයි. ‘යහළුව, මෙතන කණින්නැ’යි කියා නුඹ මට බොරු කීවෙහි ය. යහළුව, නුඹ මට හිස් බසක් කීවෙහි ය. එකල්හී නැවත ඔහු මෙසේ කියයි. ‘මිත්‍රය, මම නුඹට බොරු නොකීමි. හිස් බසක් නොකීමි. එනමුදු මම ම උමතු බවට පත්වීමි. චිත්ත විපර්යාසයට පත්වීමි’ යි.
ඒ අයුරින් ම ආයුෂ්මත්නි, භික්ෂුවක් අධිගමයන් පිළිබඳ ව මහා ඉහළින් කතා කරන්නේ වෙයි. හෙළිදරව් කොට කතා කරන්නේ වෙයි. ‘මම පළවෙනි ධ්‍යානයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම දෙවෙනි ධ්‍යානයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම තුන්වෙනි ධ්‍යානයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම සතරවෙනි ධ්‍යානයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම ආකාසානඤ්චායතනයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම විඤ්ඤාණඤ්චායතනයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි’යි යනුවෙනි.
එකල්හී තථාගතයන් වහන්සේ වේවා, ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ වේවා, අර භික්ෂුවගෙන් කරුණු විමසයි. ප්‍රශ්න කරයි. දහම් කථාව කරයි. තථාගතයන් වහන්සේ විසින් හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙකු විසින් හෝ කරුණු විමසන විට, ප්‍රශ්න අසන විට, දහම් කථාව කරන විට ඒ භික්ෂුවගේ ප්‍රකාශය හිස් බවට පත්වෙයි. ගුණ රහිත බවට පත්වෙයි. හානියට පත්වෙයි. කරදරයට පත්වෙයි. වෙනත් කරදරයකට හෝ පත්වෙයි.
තථාගතයන් වහන්සේ හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙසේ ඒ භික්ෂුවගේ සිත තම සිතින් විග්‍රහ කොට මෙනෙහි කරයි.
‘මේ ආයුෂ්මතුන් කවර කරුණක් මත ද අධිගමයන් පිළිබඳ ව මහා ඉහළින් කතා කරන්නේ ? හෙළිදරව් කොට කතා කරන්නේ ? එනම් ‘මම පළවෙනි ධ්‍යානයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි. ….(පෙ)…. මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදින්නෙම් ද වෙමි. එයින් නැගිටින්නෙම් ද වෙමි’ යි යනුවෙනි.
තථාගතයන් වහන්සේ හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත්හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙසේ ඒ භික්ෂුවගේ සිත තම සිතින් විග්‍රහ කොට දැනගනියි.
1. මේ ආයුෂ්මත් තෙමේ බොහෝ කලක් තිස්සේ කැඩුණු සිල් ඇත්තේ ය. සිදුරු වූ සිල් ඇත්තේ ය. පැල්ලම් වැදුණු සිල් ඇත්තේ ය. නිතර නොසකසන සිල් ඇත්තේ ය. නිතර නොපවත්වන සිල් ඇත්තේ ය. මේ ආයුෂ්මත් තෙමේ දුසිල් කෙනෙකි. දුස්සීල බව යනු තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්ම විනයෙහි පරිහානියට කරුණකි.
2. මේ ආයුෂ්මත් තෙමේ ශ්‍රද්ධා නැත්තේ ය. මේ ශ්‍රද්ධා නැති බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
3. මේ ආයුෂ්මත් තෙමේ අල්පශ්‍රැත වූ ආචාර රහිත කෙනෙකි. මේ අල්පශ්‍රැත බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
4. මේ ආයුෂ්මත් තෙමේ කීකරු නැත්තේ ය. මේ අකීකරු බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
5. මේ ආයුෂ්මත් තෙමේ පවිටු පුද්ගලයන් හා මිත්‍රත්වය ඇත්තේ ය. මේ පවිටු මිතුරන් ඇසුර වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
6. මේ ආයුෂ්මත් තෙමේ කුසීත කෙනෙකි. මේ කුසීත බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
7. මේ ආයුෂ්මත් තෙමේ සිහි මුළා වූ කෙනෙකි. මේ සිහි මුළා බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
8. මේ ආයුෂ්මත් තෙමේ කුහක කෙනෙකි. මේ කුහක බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
9. මේ ආයුෂ්මත් තෙමේ පහසුවෙන් පෝෂණය කළ නොහැකි කෙනෙකි. මේ පහසුවෙන් පෝෂණය කළ නොහැකි බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
10. මේ ආයුෂ්මත් තෙමේ ප්‍රඥා රහිත කෙනෙකි. මේ දුෂ්ප්‍රාඥ බව වනාහී තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනයෙහි පිරිහෙන කරුණකි.
ආයුෂ්මත්නි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව මේ දස කරුණ ප්‍රහාණය නොකොට මේ ධර්ම විනයෙහි දියුණුවකට, අභිවෘද්ධියකට, විපුල බවකට පත්වන්නේ ය යන කරුණ නොදැක්ක හැකි දෙයකි. ආයුෂ්මත්නි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව මේ දස කරුණ ප්‍රහාණය කොට මේ ධර්ම විනයෙහි දියුණුවකට, අභිවෘද්ධියකට, විපුල බවකට පත්වන්නේ ය යන කරුණ පැහැදිලි ව පෙනෙන දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
කත්ථි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M