☰
සැවැත් නුවර දී ය ………..
මහණෙනි, නිගණ්ඨයෝ දස අසද්ධර්මයකින් යුක්ත වූවාහු වෙති. ඒ කවර දස අසද්ධර්මයකින් ද යත්; මහණෙනි, නිගණ්ඨයෝ ශ්රද්ධා නැත්තෝ ය. මහණෙනි, නිගණ්ඨයෝ දුසිල්හු ය. මහණෙනි, නිගණ්ඨයෝ පවට ලැජ්ජා නැත්තෝ ය. මහණෙනි, නිගණ්ඨයෝ පවට භය නැත්තෝ ය. මහණෙනි, නිගණ්ඨයෝ අසත්පුරුෂයන්ට ලැදි ව සිටින්නෝ ය. මහණෙනි, නිගණ්ඨයෝ තමා හුවා දක්වමින් අනුන් හෙලා දකින්නෝ ය. මහණෙනි, නිගණ්ඨයෝ තමන්ගේ දෘෂ්ටිය ම අල්ලා ගෙන, එය ම දැඩි ව ගෙන එය අත්හැරගත නොහැකි ව සිටින්නෝ ය. මහණෙනි, නිගණ්ඨයෝ කුහකයෝ ය. මහණෙනි, නිගණ්ඨයෝ පවිටු ආශා ඇත්තෝ ය. මහණෙනි, නිගණ්ඨයෝ මිසදිටු ගත්තෝ ය. මහණෙනි, මේ දස අධර්මයන් ගෙන් නිගණ්ඨයෝ සමන්විත වූවාහු වෙති.
සාදු! සාදු!! සාදු!!!
නිගණ්ඨ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M