☰
සැවැත් නුවර දී ය ………..
මහණෙනි, කපුටු තෙමේ දස අසද්ධර්මයකින් යුක්ත වූයේ වෙයි. ඒ කවර දස අසද්ධර්මයකින් ද යත්; ගුණ නසන්නේ ද වෙයි. නොහික්මුණේ ද වෙයි. සැක බහුල වූයේ ද වෙයි. බොහෝ කොට අනුභව කරන්නේ ද වෙයි. රෞද්‍ර වූයේ ද වෙයි. අකාරුණික වූයේ ද වෙයි. බල රහිත වූයේ ද වෙයි. නීච හඬ ඇත්තේ ද වෙයි. සිහි මුලා වූයේ ද වෙයි. රැස් කරන්නේ ද වෙයි. මහණෙනි, මේ දස අධර්මයෙන් කපුටා සමන්විත වූයේ වෙයි.
එසෙයින් ම මහණෙනි, පාපී භික්ෂු තෙමේ දස අධර්මයකින් යුක්ත වූයේ වෙයි. ඒ කවර දස අසද්ධර්මයක් ද යත්; ගුණ නසන්නේ ද වෙයි. නොහික්මුණේ ද වෙයි. සැක බහුල වූයේ ද වෙයි. බොහෝ කොට අනුභව කරන්නේ ද වෙයි. රෞද්‍ර වූයේ ද වෙයි. අකාරුණික වූයේ ද වෙයි. බල රහිත වූයේ ද වෙයි. නීච හඬ ඇත්තේ ද වෙයි. සිහි මුලා වූයේ ද වෙයි. රැස් කරන්නේ ද වෙයි. මහණෙනි, මේ දස අධර්මයෙන් පාපී භික්ෂුව සමන්විත වූයේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
කාක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M