☰
සැවැත් නුවර දී ය ………..
මහණෙනි, මේ වෛර බැඳ ගැනීමට හේතුවන කාරණා දහයකි. ඒ කවර දසයක් ද යත්; මට අයහපත කළේ ය යැයි වෛර බැඳ ගනියි. මට අයහපත කරයි යැයි වෛර බැඳ ගනියි. මට අයහපත කරන්නේ ය යැයි වෛර බැඳ ගනියි. මාගේ ප්‍රිය මනාපයා හට අයහපත කළේ ය යැයි වෛර බැඳ ගනියි. මාගේ ප්‍රිය මනාපයා හට අයහපත කරයි යැයි වෛර බැඳ ගනියි. මාගේ ප්‍රිය මනාපයා හට අයහපත කරන්නේ ය යැයි වෛර බැඳ ගනියි. මාගේ අප්‍රිය අමනාපයා හට යහපත කළේ ය යැයි වෛර බැඳ ගනියි. මාගේ අප්‍රිය අමනාපයා හට යහපත කරයි යැයි වෛර බැඳ ගනියි. මාගේ අප්‍රිය අමනාපයා හට යහපත කරන්නේ ය යැයි වෛර බැඳ ගනියි. කිසි හේතුවක් නැතුව ද කිපෙන්නේ වෙයි. මහණෙනි, මේවා වනාහී වෛර බැඳ ගැනීමට හේතුවන කරුණු දහය යි.
සාදු! සාදු!! සාදු!!!
ආඝාත වත්ථු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M