සැවැත් නුවර දී ය ………..
මහණෙනි, දස දියුණුවෙකින් දියුණුවට පත් වන ආර්ය ශ්‍රාවකයා ආර්ය වූ දියුණුවෙන් දියුණු වෙයි. සිරුරෙන් ප්‍රයෝජනය ගත්තේ ද වෙයි. උත්තමාර්ථය ගත්තේ ද වෙයි. ඒ කවර කරුණු දසයකින් ද යත්;
කෙත් වතු වලින් දියුණු වෙයි. ධන ධාන්‍යයෙන් දියුණු වෙයි. අඹුදරුවන්ගෙන් දියුණු වෙයි. කම්කරු සේවක පුරුෂයින්ගෙන් දියුණු වෙයි. ගවමහීෂාදීන්ගෙන් දියුණු වෙයි. ශ්‍රද්ධාවෙන් දියුණු වෙයි. සීලයෙන් දියුණු වෙයි. ශ්‍රැතයෙන් දියුණු වෙයි. ත්‍යාගයෙන් දියුණු වෙයි. ප්‍රඥාවෙන් දියුණු වෙයි.
මහණෙනි, දස දියුණුවකින් දියුණුවට පත් වන ආර්ය ශ්‍රාවකයා ආර්ය වූ දියුණුවෙන් දියුණු වෙයි නම්, සිරුරෙන් ප්‍රයෝජනය ගත්තේ ද වෙයි නම්, උත්තමාර්ථය ගත්තේ ද වෙයි නම්, මේ ඒ දස කරුණු ය.
(ගාථා:)
1. යමෙක් මෙලොවෙහි ධනයෙන් හා ධාන්‍යයෙන් ද, අඹුදරුවන්ගෙන් ද, ගවමහීෂාදීන්ගෙන් ද දියුණු වෙයි නම්, ඥාතීන් විසිනුත්, මිතුරන් විසිනුත්, රජුන් විසිනුත් පුදනු ලබන හේ භෝග සම්පත් ඇති ව කීර්තිමත් ව වසයි.
2. යමෙක් සීලයෙන් ද, ශ්‍රද්ධාවෙන් ද, ප්‍රඥාවෙන් ද, ත්‍යාගයෙන් ද, ශ්‍රැතයෙන් ද දියුණු වෙයි නම්, එබඳු වූ විචක්ෂණ බුද්ධියෙන් යුතු සත්පුරුෂයා මෙලොවෙහි දී ම ලෞකික ජීවිතය ත්, පරලොව ජීවිතය ත් දියුණුවට පත් කරගන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
වඞ්ඪි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M