☰
සැවැත් නුවර දී ය ………..
මහණෙනි, මෙම දස සංඥා දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, මහත්ඵල මහානිසංස ලැබෙන්නේ ය. නිවනෙහි බැසගෙන, නිවනින් ම අවසන් වන්නේ ය. ඒ කවර දසයක් ද යත්;
අනිත්‍ය සංඥාව ය, අනාත්ම සංඥාව ය, මරණ සංඥාව ය, ආහාරයෙහි පිළිකුල් සංඥාව ය, සියළු ලොවෙහි නොඇලෙන සංඥාව ය, ඇටසැකිල්ල ගැන සංඥාව ය, පුලවක සංඥාව ය, විනීලක සංඥාව ය, විච්ඡිද්දක සංඥාව ය, උද්ධුමාතක සංඥාව ය. මහණෙනි, මෙම දස සංඥා දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, මහත්ඵල මහානිසංස ලැබෙන්නේ ය. නිවනෙහි බැසගෙන, නිවනින් ම අවසන් වන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සඤ්ඤා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M