අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.1.6. පඨම සඤ්ඤා සුත්තං

10.2.1.6. සංඥාව ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය ………..

මහණෙනි, මෙම දස සංඥා දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, මහත්ඵල මහානිශංස ලැබෙන්නේ ය. නිවනෙහි බැසගෙන, නිවනින් ම අවසන් වන්නේ ය. ඒ කවර දසයක් ද යත්;

අසුභ සංඥාව ය, මරණ සංඥාව ය, ආහාරයෙහි පිළිකුල් සංඥාව ය, සියළු ලොවෙහි නොඇලෙන සංඥාව ය, අනිත්‍ය සංඥාව ය, අනිත්‍ය වූ දෙයෙහි ඇති දුක් සංඥාව ය, දුක් වූ දෙයෙහි ඇති අනාත්ම සංඥාව ය, ප්‍රහාණ සංඥාව ය, විරාග සංඥාව ය, නිරෝධ සංඥාව ය. මහණෙනි, මෙම දස සංඥා දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, මහත්ඵල මහානිසංස ලැබෙන්නේ ය. නිවනෙහි බැසගෙන, නිවනින් ම අවසන් වන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඨම සඤ්ඤා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M