අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.5.9. සරීරට්ඨධම්ම සුත්තං

10.1.5.9. සිරුරෙහි ඇති දේ ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

“මහණෙනි, සිරුරෙහි පිහිටා ඇති මේ කරුණු දසයෙකි. කවර දසයක් ද යත්;

සීතල ය. උණුසුම ය. කුසගින්න ය. පිපාසය ය. අසුචි ය. මුත්‍ර ය. කාය සංවරය ය. වාක් සංවරය ය. ආජීව සංවරය ය. යළි භවය සකසන භව සංස්කාරය ය. මහණෙනි, සිරුරෙහි පිහිටා ඇති කරුණු දසය නම් මේවා ය.

සාදු! සාදු!! සාදු!!!

සරීරට්ඨධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M