☰
සැවැත් නුවර දී ය ………..
“ස්වාමීනී, සංඝයා අතර වාදවිවාද හටගැනීමට හේතු වන කරුණු කොතෙක් තිබේ ද?”
“උපාලි, විවාදයන්ට මුල් වන කරුණු දහයකි. ඒ කවර දසයක් ද යත්; උපාලි, මෙහිලා භික්ෂුව (1) ඇවැත් නොවූ දෙය ඇවැතක් වශයෙන් පෙන්වයි. (2) ඇවැත ඇවැත් නොවූ දෙයක් වශයෙන් පෙන්වයි. (3) සුළු ඇවැත බරපතල ඇවැතක් වශයෙන් පෙන්වයි. (4) බරපතල ඇවැත සුළු ඇවැතක් වශයෙන් පෙන්වයි. (5) නපුරු ඇවැත නපුරු නොවන ඇවැතක් වශයෙන් පෙන්වයි. (6) නපුරු නොවන ඇවැත නපුරු ඇවැතක් වශයෙන් පෙන්වයි. (7) අවශේෂ සහිත ඇවැත අවශේෂ රහිත ඇවැතක් වශයෙන් පෙන්වයි. (8) අවශේෂ රහිත ඇවැත අවශේෂ සහිත ඇවැතක් වශයෙන් පෙන්වයි. (9) පිළියම් කළ හැකි ඇවැත පිළියම් නොකළ හැකි ඇවැතක් වශයෙන් පෙන්වයි. (10) පිළියම් නොකළ හැකි ඇවැත පිළියම් කළ හැකි ඇවැතක් වශයෙන් පෙන්වයි.
උපාලි, මේ වනාහී විවාදයන්ට මුල්වන දස කරුණ යි.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය විවාදමූල සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M