අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.5.2. පඨම විවාදමූල සුත්තං

10.1.5.2. විවාද හටගැනීමට මුල්වන දේ ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය ………..

“ස්වාමීනී, සංඝයා අතර වාදවිවාද හටගැනීමට හේතු වන කරුණු කොතෙක් තිබේ ද?”

“උපාලි, විවාදයන්ට මුල් වන කරුණු දහයකි. ඒ කවර දසයක් ද යත්; උපාලි, මෙහිලා භික්ෂුව (1) අධර්මය ධර්මය වශයෙන් පෙන්වයි. (2) ධර්මය අධර්මය වශයෙන් පෙන්වයි. (3) අවිනය විනය වශයෙන් පෙන්වයි. (4) විනය අවිනය වශයෙන් පෙන්වයි. (5) තථාගතයන් විසින් නොපැවසූ, නොකියූ දෙය තථාගතයන් විසින් පවසන ලද්දේ ය, කියන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (6) තථාගතයන් විසින් පැවසූ, කියූ දෙය තථාගතයන් විසින් නොපවසන ලද්දේ ය, නොකියන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (7) තථාගතයන් විසින් පුරුදු නොකරන ලද දෙය තථාගතයන් විසින් පුරුදු කරන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (8) තථාගතයන් විසින් පුරුදු කරන ලද දෙය තථාගතයන් විසින් පුරුදු නොකරන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (9) තථාගතයන් විසින් නොපණවන ලද දෙය තථාගතයන් විසින් පණවන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (10) තථාගතයන් විසින් පණවන ලද දෙය තථාගතයන් විසින් නොපණවන ලද්දේ ය වශයෙන් පෙන්වයි.

උපාලි, මේ වනාහී විවාදයන්ට මුල්වන දස කරුණ යි.”

සාදු! සාදු!! සාදු!!!

පඨම විවාදමූල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M