සැවැත් නුවර දී ය ………..
එකල්හී ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළහ.
“ස්වාමීනී, සංඝයා අතර යම් කරුණෙකින් භේදභින්න වීම්, කලකෝළාහල, විවාද, සණ්ඩුසරුවල් ආදිය හටගනියි නම්, ඒ හේතුවෙන් භික්ෂූහු ද, පහසුවෙන් වාසය නොකරත් නම්, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”
“උපාලි, මෙහිලා භික්ෂුව (1) අධර්මය ධර්මය වශයෙන් පෙන්වයි. (2) ධර්මය අධර්මය වශයෙන් පෙන්වයි. (3) අවිනය විනය වශයෙන් පෙන්වයි. (4) විනය අවිනය වශයෙන් පෙන්වයි. (5) තථාගතයන් විසින් නොපැවසූ, නොකියූ දෙය තථාගතයන් විසින් පවසන ලද්දේ ය, කියන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (6) තථාගතයන් විසින් පැවසූ, කියූ දෙය තථාගතයන් විසින් නොපවසන ලද්දේ ය, නොකියන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (7) තථාගතයන් විසින් පුරුදු නොකරන ලද දෙය තථාගතයන් විසින් පුරුදු කරන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (8) තථාගතයන් විසින් පුරුදු කරන ලද දෙය තථාගතයන් විසින් පුරුදු නොකරන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (9) තථාගතයන් විසින් නොපණවන ලද දෙය තථාගතයන් විසින් පණවන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (10) තථාගතයන් විසින් පණවන ලද දෙය තථාගතයන් විසින් නොපණවන ලද්දේ ය වශයෙන් පෙන්වයි.
උපාලි, යම් කරුණෙකින් සංඝයා අතර වාදභේද, කලකෝලාහල, ගැටුම් ආදිය හටගන්නේ නම් භික්ෂූහු ද අපහසුවෙන් වසත් නම්, එයට හේතුව මෙයයි. ප්‍රත්‍යය මෙය යි.”
සාදු! සාදු!! සාදු!!!
විවාද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M