☰
සැවැත් නුවර දී ය ………..
“ස්වාමීනී, ප්රාතිමෝක්ෂ අත්හිටුවීම් කොපමණ තිබේද?”
“උපාලි, පාමොක් අත්හිටුවීම් දසයකි. ඒ කවර දසයක් ද යත්;
පාරාජිකාවට පත් වූ පුද්ගලයෙක් ඒ සඟපිරිසෙහි වාඩි වී සිටියේ වෙයි. පාරාජිකා පිළිබඳ කථාව අඩාල කරන ලද්දේ වෙයි. අනුපසම්පන්නයෙක් ඒ සඟපිරිසෙහි සිටියේ වෙයි. අනුපසම්පන්න පිළිබඳ කථාව අඩාල කරන ලද්දේ වෙයි. උපසම්පදාව ප්රතික්ෂේප කළ කෙනෙක් ඒ සඟපිරිසෙහි සිටියේ වෙයි. උපසම්පදාව ප්රතික්ෂේප කිරීම පිළිබඳ කථාව අඩාල කරන ලද්දේ වෙයි. නපුංසකයෙක් ඒ සඟපිරිසෙහි සිටියේ වෙයි. නපුංසක කථාව අඩාල කරන ලද්දේ වෙයි. භික්ෂුණී දූෂකයෙක් ඒ සඟපිරිසෙහි සිටියේ වෙයි. භික්ෂුණීදූෂක කථාව අඩාල කරන ලද්දේ වෙයි. උපාලි, මේ වනාහී පාමොක් අත්හිටුවන දස කරුණ වෙයි.”
සාදු! සාදු!! සාදු!!!
පාතිමොක්ඛට්ඨපන සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M