සැවැත් නුවර දී ය ………..
එකල්හී ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළහ.
“ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන් හට ශික්ෂාපදයෝ පණවන ලද්දාහු ය. ප්‍රාතිමෝක්ෂය උදෙසන ලද්දේ ය. ඒ කවර යහපතක් සළකාගෙන ද?”
“උපාලි, කරුණු දසයක් සළකාගෙන තථාගතයන් විසින් ශ්‍රාවකයන්ට ශික්ෂා පදයෝ පණවන ලද්දාහු ය. පාමොක් උදෙසන ලද්දේ ය. ඒ කවර දසයක් ද යත්;
සංඝයාගේ යහපත උදෙසා ය. සංඝයාගේ පහසුව උදෙසා ය. දුසිල් පුද්ගලයන් හට නිග්‍රහ කිරීම උදෙසා ය. සුපේශල භික්ෂූන්ගේ පහසු විහරණය උදෙසා ය. මෙලොව දී ඇතිවෙන උවදුරු වලින් සංවර වීම උදෙසා ය. පරලොවෙහි ඇතිවෙන උවදුරු නැසීම උදෙසා ය. නොපැහැදුනවුන්ගේ පැහැදීම උදෙසා ය. පැහැදුනවුන්ගේ වඩාත් පැහැදීම උදෙසා ය. සද්ධර්මයාගේ පැවැත්ම උදෙසා ය. විනයට අනුග්‍රහ උදෙසා ය.
උපාලි, මේ කරුණු දසය සළකාගෙන තථාගතයන් විසින් ශ්‍රාවකයන්ට ශික්ෂා පදයෝ පණවන ලද්දාහු ය. පාමොක් උදෙසන ලද්දේ ය.”
සාදු! සාදු!! සාදු!!!
උපාලි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M