☰
සැවැත් නුවර දී ය ………..
මහණෙනි, යම් තැනක ආර්යයෝ වාසය කළාහු වෙත් ද, වර්තමානයෙහි වසත් ද, අනාගතයෙහි වාසය කරන්නාහු වෙත් ද, ඒ මේ ආර්යයන් වසන තැන් දසයකි. කවර දසයක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ප්‍රහීණ කරන ලද පස් කරුණකින් යුක්ත වූයේ වෙයි. සය කරුණකින් යුක්ත වූයේ වෙයි. එක් ආරක්ෂාවකින් යුක්ත වූයේ වෙයි. අපස්සේනයන් සතරකින් යුක්ත වූයේ වෙයි. දුරු කළ ප්‍රත්‍යෙක සත්‍යයෙන් යුක්ත වෙයි. ඒසනා සංසිඳවන ලද්දේ වෙයි. නොකැළඹුණු සංකල්ප ඇත්තේ වෙයි. සංසිඳුණු කාය සංස්කාර ඇත්තේ වෙයි. මැනැවින් නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි. මැනැවින් නිදහස් වූ ප්‍රඥාවකින් යුක්ත වූයේ වේ.
මහණෙනි, යම් තැනක ආර්යයෝ වාසය කළාහු වෙත් ද, වර්තමානයෙහි වසත් ද, අනාගතයෙහි වාසය කරන්නාහු වෙත් ද, ඒ මේ ආර්යයන් වසන තැන් දසයයි.
සාදු! සාදු!! සාදු!!!
පඨම අරියවාස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M