☰
සැවැත් නුවර දී ය ………..
“මහණෙනි, මේ සංයෝජනයෝ දසයකි. කවර දසයක් ද යත්; පහළ ලෝකයන්ට ඇදී යන ක්ලේශ බන්ධන පසකි. ඉහළ ලෝකයන්ට ඇදී යන ක්ලේශ බන්ධන පසකි.
මහණෙනි, පහළ ලෝකයන්ට ඇදී යන ක්ලේශ බන්ධන පහ මොනවා ද? එනම්, සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමච්ඡන්දය සහ ව්‍යාපාදය යි. මේ වනාහී පහළ ලෝකයන්ට ඇදී යන පහක් වූ ක්ලේශ බන්ධනයෝ ය.
මහණෙනි, ඉහළ ලෝකයන්ට ඇදී යන ක්ලේශ බන්ධන පහ මොනවා ද? එනම්, රූපරාග, අරූපරාග, මානය, උද්ධච්චය සහ අවිද්‍යාවයි. මේ වනාහී ඉහළ ලෝකයන්ට ඇදී යන පහක් වූ ක්ලේශ බන්ධනයෝ ය.
මහණෙනි, දස සංයෝජන යනු මේවා ය.
සාදු! සාදු!! සාදු!!!
සංයෝජන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M