අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.3.2. ඛලුංක සුත්තං

9.1.3.2. පහත් වර්ගයේ සත්වයා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පහත් වර්ගයේ අශ්වයන් තිදෙනෙක් ගැන ත්, පහත් වර්ගයේ පුරුෂයන් තිදෙනෙක් ගැන ත්, යහපත් වර්ගයේ අශ්වයන් තිදෙනෙක් ගැන ත්, යහපත් වර්ගයේ පුරුෂයන් තිදෙනෙක් ගැන ත්, සොඳුරු වූ ආජානීය වර්ගයේ අශ්වයන් තිදෙනෙක් ගැන ත්, සොඳුරු වූ ආජානීය වර්ගයේ පුරුෂයන් තිදෙනෙක් ගැන ත් ඔබට දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.

‘එසේ ය ස්වාමීනී’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, පහත් වර්ගයේ අශ්වයන් තිදෙනා කවරහු ද?

මහණෙනි, මෙහිලා පහත් වර්ගයේ ඇතැම් අශ්වයෙක් ජව සම්පන්න වෙයි. නමුත් වර්ණ සම්පන්න නොවෙයි. ආරෝහ පරිනාහ සම්පන්න ද නොවෙයි.

මහණෙනි, මෙහිලා පහත් වර්ගයේ ඇතැම් අශ්වයෙක් ජව සම්පන්න ද වෙයි. වර්ණ සම්පන්න ද වෙයි. නමුත් ආරෝහ පරිනාහ සම්පන්න නොවෙයි.

මහණෙනි, මෙහිලා පහත් වර්ගයේ ඇතැම් අශ්වයෙක් ජව සම්පන්න ද වෙයි. වර්ණ සම්පන්න ද වෙයි. ආරෝහ පරිනාහ සම්පන්න ද වෙයි.

මහණෙනි, මේ වනාහී පහත් වර්ගයේ අශ්වයෝ තිදෙනා ය.

මහණෙනි, පහත් වර්ගයේ පුරුෂයන් තිදෙනා කවරහු ද?

මහණෙනි, මෙහිලා පහත් වර්ගයේ ඇතැම් පුරුෂයෙක් ජව සම්පන්න ද වෙයි. නමුත් වර්ණ සම්පන්න ද නොවෙයි. ආරෝහ පරිනාහ සම්පන්න ද නොවෙයි.

මහණෙනි, මෙහිලා පහත් වර්ගයේ ඇතැම් පුරුෂයෙක් ජව සම්පන්න ද වෙයි. වර්ණ සම්පන්න වෙයි. නමුත් ආරෝහ පරිනාහ සම්පන්න නොවෙයි.

මහණෙනි, මෙහිලා පහත් වර්ගයේ ඇතැම් පුරුෂයෙක් ජව සම්පන්න වෙයි. වර්ණ සම්පන්න ද වෙයි. ආරෝහ පරිනාහ සම්පන්න ද වෙයි.

මහණෙනි, කෙසේ නම් පහත් වර්ගයේ පුරුෂයෙක් ජව සම්පන්න වෙයි ද? නමුත් වර්ණ සම්පන්න නොවෙයි ද? ආරෝහ පරිනාහ සම්පන්න ද නොවෙයි ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව මේ දුක යැයි ඒ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ සැටියෙන් ම දනියි. මෙය දුක් නිරුද්ධ වන මාර්ගය යැයි ඒ සැටියෙන් ම දනියි. මෙය ඔහුගේ ජවය යි කියමි. ගැඹුරු ධර්මයෙහිලා, ගැඹුරු විනයෙහිලා ඔහුගෙන් ප්‍රශ්න ඇසූ කල්හී එය වළක්වයි. විසඳීමට නොහැකි වෙයි. මෙය ඔහුගේ පැහැය නැති බව යැයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර නොලබනසුළු වෙයි. මෙය ඔහුගේ ආරෝහ පරිනාහය නැති බව යැයි කියමි. මහණෙනි, මෙසේ පහත් වර්ගයේ පුරුෂයා ජව සම්පන්න වෙයි. නමුත් වර්ණ සම්පන්න නොවෙයි. ආරෝහ පරිනාහ සම්පන්න ද නොවෙයි.

මහණෙනි, කෙසේ නම් පහත් වර්ගයේ පුරුෂයෙක් ජව සම්පන්න වෙයි ද? වර්ණ සම්පන්න වෙයි ද? නමුත් ආරෝහ පරිනාහ සම්පන්න නොවෙයි ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව මේ දුක යැයි ඒ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ සැටියෙන් ම දනියි. මෙය දුක් නිරුද්ධ වන මාර්ගය යැයි ඒ සැටියෙන් ම දනියි. මෙය ඔහුගේ ජවය යි කියමි. ගැඹුරු ධර්මයෙහිලා, ගැඹුරු විනයෙහිලා ඔහුගෙන් ප්‍රශ්න ඇසූ කල්හී එය නොවළක්වයි. විසඳීමට හැකි වෙයි. මෙය ඔහුගේ පැහැය යැයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර නොලබනසුළු වෙයි. මෙය ඔහුගේ ආරෝහ පරිනාහය නැති බව යැයි කියමි. මහණෙනි, මෙසේ පහත් වර්ගයේ පුරුෂයා ජව සම්පන්න ද වෙයි. වර්ණ සම්පන්න ද වෙයි. නමුත් ආරෝහ පරිනාහ සම්පන්න නොවෙයි.

මහණෙනි, කෙසේ නම් පහත් වර්ගයේ පුරුෂයෙක් ජව සම්පන්න වෙයි ද? වර්ණ සම්පන්න වෙයි ද? ආරෝහ පරිනාහ සම්පන්න වෙයි ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව මේ දුක යැයි ඒ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ සැටියෙන් ම දනියි. මෙය දුක් නිරුද්ධ වන මාර්ගය යැයි ඒ සැටියෙන් ම දනියි. මෙය ඔහුගේ ජවය යි කියමි. ගැඹුරු ධර්මයෙහිලා, ගැඹුරු විනයෙහිලා ඔහුගෙන් ප්‍රශ්න ඇසූ කල්හී නොවළක්වයි. විසඳීමට හැකි වෙයි. මෙය ඔහුගේ පැහැය යැයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුළු වෙයි. මෙය ඔහුගේ ආරෝහ පරිනාහය බව යැයි කියමි. මහණෙනි, මෙසේ පහත් වර්ගයේ පුරුෂයා ජව සම්පන්න වෙයි. වර්ණ සම්පන්න ද වෙයි. ආරෝහ පරිනාහ සම්පන්න ද නොවෙයි.

මහණෙනි, මේ වනාහී පහත් වර්ගයේ පුරුෂයෝ තිදෙනා ය.

මහණෙනි, යහපත් වර්ගයේ අශ්වයෝ තිදෙනා කවරහු ද? මහණෙනි, මෙහිලා ඇතැම් යහපත් වර්ගයේ අශ්වයෙක් ….(පෙ)…. ජව සම්පන්න ද වෙයි. වර්ණ සම්පන්න ද වෙයි. ආරෝහ පරිනාහ සම්පන්න ද වෙයි. මහණෙනි, මේ වනාහී යහපත් වර්ගයේ අශ්වයෝ තිදෙනා ය.

මහණෙනි, යහපත් වර්ගයේ පුරුෂයෝ තිදෙනා කවරහු ද? මහණෙනි, මෙහිලා ඇතැම් යහපත් වර්ගයේ පුරුෂයෙක් ….(පෙ)…. ජව සම්පන්න ද වෙයි. වර්ණ සම්පන්න ද වෙයි. ආරෝහ පරිනාහ සම්පන්න ද වෙයි.

මහණෙනි, කෙසේ නම් යහපත් වර්ගයේ පුරුෂයෙක් ….(පෙ)…. ජව සම්පන්න වෙයි ද? වර්ණ සම්පන්න වෙයි ද? ආරෝහ පරිනාහ සම්පන්න ත් වෙයි ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදින්නේ ඒ ලොවෙන් යළි කාම ලොවට නොවැටෙන ස්වභාවයෙන් යුක්ත වූයේ, එහි ම පිරිනිවන් පාන්නේ වෙයි. මෙය ඔහුගේ ජවය යි කියමි. ගැඹුරු ධර්මයෙහිලා, ගැඹුරු විනයෙහිලා ඔහුගෙන් ප්‍රශ්න ඇසූ කල්හී නොවළවක්වයි. විසඳීමට හැකි වෙයි. මෙය ඔහුගේ පැහැය යැයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුළු වෙයි. මෙය ඔහුගේ ආරෝහ පරිනාහය බව යැයි කියමි. මහණෙනි, මෙසේ යහපත් වර්ගයේ පුරුෂයා ජව සම්පන්න ද වෙයි. වර්ණ සම්පන්න ද වෙයි. ආරෝහ පරිනාහ සම්පන්න ද වෙයි.

මහණෙනි, මේ වනාහී යහපත් වර්ගයේ පුරුෂයෝ තිදෙනා ය.

මහණෙනි, සොඳුරු වූ ආජානේය අශ්වයෝ තිදෙනා කවරහු ද? මහණෙනි, මෙහිලා ඇතැම් සොඳුරු වූ ආජානේය අශ්වයෙක් ….(පෙ)…. ජව සම්පන්න ද වෙයි. වර්ණ සම්පන්න ද වෙයි. ආරෝහ පරිනාහ සම්පන්න ද වෙයි. මහණෙනි, මේ වනාහී සොඳුරු වූ ආජානේය අශ්වයෝ තිදෙනා ය.

මහණෙනි, සොඳුරු වූ ආජානේය පුරුෂයෝ තිදෙනා කවරහු ද? මහණෙනි, මෙහිලා ඇතැම් සොඳුරු වූ ආජානේය පුරුෂයෙක් ….(පෙ)…. ජව සම්පන්න ද වෙයි. වර්ණ සම්පන්න ද වෙයි. ආරෝහ පරිනාහ සම්පන්න ද වෙයි.

මහණෙනි, කෙසේ නම් සොඳුරු වූ ආජානේය වර්ගයේ ඇතැම් පුරුෂයෙක් ….(පෙ)…. ජව සම්පන්න වෙයි ද? වර්ණ සම්පන්න වෙයි ද? ආරෝහ පරිනාහ සම්පන්න වෙයි ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේදී ම ස්වකීය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ වෙයි. මෙය ඔහුගේ ජවය යි කියමි. ගැඹුරු ධර්මයෙහිලා, ගැඹුරු විනයෙහිලා ඔහුගෙන් ප්‍රශ්න ඇසූ කල්හී නොවළක්වයි. විසඳීමට හැකි වෙයි. මෙය ඔහුගේ පැහැය යැයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුළු වෙයි. මෙය ඔහුගේ ආරෝහ පරිනාහය බව යැයි කියමි. මහණෙනි, මෙසේ සොඳුරු වූ ආජානේය පුරුෂයා ජව සම්පන්න වෙයි. වර්ණ සම්පන්න ද වෙයි. ආරෝහ පරිනාහ සම්පන්න වෙයි. මහණෙනි, මේ වනාහී සොඳුරු වූ ආජානේය පුරුෂයෝ තිදෙනා ය.

සාදු! සාදු!! සාදු!!!

ඛලුංක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M