අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.2.7. කුලෝපගමන සුත්තං

9.1.2.7. නිවසක් වෙත එළඹීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, අංග නවයකින් යුතු වූ නිවසකට නොඑළඹුණේ එළඹෙන්නට හෝ සුදුසු නොවෙයි. එළඹුණු නමුත් හිඳගන්නට හෝ සුදුසු නොවෙයි. ඒ කවර අංග නවයක් ද යත්;

සතුටට පත් ව ආසනයෙන් නොනැගිටිති. සතුටට පත් ව වන්දනා නොකරති. සතුටට පත් ව ආසනය නොදෙති. ඔවුන් සතු දේවල් සඟවති. බොහෝ කොට තිබුණ ත් ස්වල්පයක් දෙති. ප්‍රණීත දේ තිබුණ ත් රූක්ෂ දේ දෙති. සකස් කොට නොව සකස් නොකොට දෙති. ධර්මය ශ්‍රවණයට සමීපයට පැමිණ වාඩි නොවෙති. පවසන ධර්මය ගැන අරුත් රස විඳිමින් සතුටු නොවෙති.

මහණෙනි, මේ අංග නවයෙන් යුතු වූ නිවසකට නොඑළඹුණේ එළඹෙන්නට හෝ සුදුසු නොවෙයි. එළඹුණු නමුත් හිඳගන්නට හෝ සුදුසු නොවෙයි.

මහණෙනි, අංග නවයකින් යුතු වූ නිවසකට නොඑළඹුණේ එළඹෙන්නට හෝ සුදුසු වෙයි. එළඹුණු නමුත් හිඳගන්නට හෝ සුදුසු වෙයි. ඒ කවර අංග නවයක් ද යත්;

සතුටට පත් ව ආසනයෙන් නැගිටිති. සතුටට පත් ව වන්දනා කරති. සතුටට පත් ව ආසනය දෙති. ඔවුන් සතු දේවල් නොසඟවති. බොහෝ කොට තිබෙන විට බොහෝ කොට දෙති. ප්‍රණීත දේ තිබෙන විට ප්‍රණීත දේ දෙති. නොසකස් කොට නොව සකස් කොට දෙති. ධර්මය ශ්‍රවණයට සමීපයට පැමිණ වාඩි වෙති. පවසන ධර්මය ගැන අරුත් රස විඳිමින් සතුටු වෙති.

මහණෙනි, මේ අංග නවයෙන් යුතු වූ නිවසකට නොඑළඹුණේ එළඹෙන්නට හෝ සුදුසු වෙයි. එළඹුණු නමුත් හිඳගන්නට හෝ සුදුසු වෙයි.

සාදු! සාදු!! සාදු!!!

කුලෝපගමන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M