අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.2.6. සඤ්ඤා සුත්තං

9.1.2.6. සංඥාව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ සංඥා නවයකි. මේවා භාවිතා කිරීමෙන්, බහුල ව ප්‍රගුණ කිරීමෙන් මහත්ඵල ද, මහානිශංස ද ලැබේ. අමෘතයෙහි බැසගෙන ඇත්තේ ය. අමෘතයෙන් කෙළවර වන්නේ ය. ඒ කවර නවයක් ද යත්;

අසුභ සංඥාව ය, මරණ සංඥාව ය, ආහාරයෙහි පිළිකුල් සංඥාව ය, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව ය, අනිත්‍ය සංඥාව ය, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ය, දුකෙහි අනාත්ම සංඥාව ය, පහාණ සංඥාව ය, විරාග සංඥාව ය.

මහණෙනි, මේ සංඥා නවය යි. මේවා භාවිතා කිරීමෙන්, බහුල ව ප්‍රගුණ කිරීමෙන් මහත්ඵල ද, මහානිශංස ද ලැබේ. අමෘතයෙහි බැසගෙන ඇත්තේ ය. අමෘතයෙන් කෙළවර වන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

සඤ්ඤා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M