සැවැත් නුවර දී ය …..
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘ආයුෂ්මතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක.
ආයුෂ්මත්නි, පුද්ගලයා ත් දෙඅයුරකින් දත යුත්තේ ය. එනම් සේවනය කළ යුතු වූ ත්, සේවනය නොකළ යුතු වූ ත් වශයෙනි. ආයුෂ්මත්නි, සිවුර ත් දෙඅයුරකින් දත යුත්තේ ය. එනම් සේවනය කළ යුතු වූ ත්, සේවනය නොකළ යුතු වූ ත් වශයෙනි. ආයුෂ්මත්නි, දානය ත් දෙඅයුරකින් දත යුත්තේ ය. එනම් සේවනය කළ යුතු වූ ත්, සේවනය නොකළ යුතු වූ ත් වශයෙනි. ආයුෂ්මත්නි, සෙනසුන ත් දෙඅයුරකින් දත යුත්තේ ය. එනම් සේවනය කළ යුතු වූ ත්, සේවනය නොකළ යුතු වූ ත් වශයෙනි. ආයුෂ්මත්නි, ගම් නියම්ගම ත් දෙඅයුරකින් දත යුත්තේ ය. එනම් සේවනය කළ යුතු වූ ත්, සේවනය නොකළ යුතු වූ ත් වශයෙනි. ආයුෂ්මත්නි, ජනපද ප්රදේශ ත් දෙඅයුරකින් දත යුත්තේ ය. එනම් සේවනය කළ යුතු වූ ත්, සේවනය නොකළ යුතු වූ ත් වශයෙනි.
‘ආයුෂ්මත්නි, පුද්ගලයා ත් දෙඅයුරකින් දත යුත්තේ ය. එනම් සේවනය කළ යුතු වූ ත්, සේවනය නොකළ යුතු වූ ත් වශයෙනි’ යි කියා යමක් කියන ලද්දේ නම්, එය කියන ලද්දේ කුමක් සඳහා ද?
එහිලා යම් පුද්ගලයෙක් පිළිබඳ ව මෙසේ දැනගන්නේ ද, ‘මේ පුද්ගලයා ව ඇසුරු කරන විට මා තුළ අකුසල් දහම් වැඩෙනවා නොවැ. කුසල් දහම් පිරිහෙනවා නොවැ. පැවිදි වූ මා විසින් ජීවත් වීම පිණිස යම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදියක් සොයා ගත යුතු නම්, ඒවා ද දුක සේ ලැබෙයි. යම් අර්ථයක් පිණිස මම ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිදි භාවය ලැබුවේ නම් මාගේ ඒ මාර්ගඵලාවබෝධය ද, භාවනා වශයෙන් පිරිපුන් බවට නොයයි.’ යනුවෙන් මෙසේ ඒ පුද්ගලයා ගැන දැනගන්නා වූ පුද්ගලයා විසින් රාත්රියක වේවා, දහවල් කලක වේවා, ඔහුගෙන් නොවිමසා ම පිටත් ව යා යුත්තේ ය. ඔහු පසුපස නොයා යුත්තේ ය.
එහිලා යම් පුද්ගලයෙක් පිළිබඳ ව මෙසේ දැනගන්නේ ද, ‘මේ පුද්ගලයා ව ඇසුරු කරන විට මා තුළ අකුසල් දහම් වැඩෙනවා නොවැ. කුසල් දහම් පිරිහෙනවා නොවැ. පැවිදි වූ මා විසින් ජීවත් වීම පිණිස යම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදියක් සොයා ගත යුතු නම්, ඒවා ද පහසුවෙන් ලැබෙයි. යම් අර්ථයක් පිණිස මම ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිදි භාවය ලැබුවේ නම් මාගේ ඒ මාර්ගඵලාවබෝධය ද, භාවනා වශයෙන් පිරිපුන් බවට නොයයි’ යනුවෙන් මෙසේ ඒ පුද්ගලයා ගැන දැනගන්නා වූ පුද්ගලයා විසින් ඔහුගෙන් නොවිමසා හෝ පිටත් ව යා යුත්තේ ය. ඔහු පසුපස නොයා යුත්තේ ය.
එහිලා යම් පුද්ගලයෙක් පිළිබඳ ව මෙසේ දැනගන්නේ ද, ‘මේ පුද්ගලයා ව ඇසුරු කරන විට මා තුළ අකුසල් දහම් පිරිහෙයි. කුසල් දහම් වැඩෙයි. පැවිදි වූ මා විසින් ජීවත් වීම පිණිස යම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදියක් සොයා ගත යුතු නම්, ඒවා ද දුක සේ ලැබෙයි. යම් අර්ථයක් පිණිස මම ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිදි භාවය ලැබුවේ නම් මාගේ ඒ මාර්ගඵලාවබෝධය ද, භාවනා වශයෙන් පිරිපුන් බවට යයි’ යනුවෙන් මෙසේ ඒ පුද්ගලයා ගැන දැනගන්නා වූ පුද්ගලයා විසින් ඔහු පසුපසින් ම යා යුත්තේ ය. ඔහු අත්හැර නොයා යුත්තේ ය.
එහිලා යම් පුද්ගලයෙක් පිළිබඳ ව මෙසේ දැනගන්නේ ද, ‘මේ පුද්ගලයා ව ඇසුරු කරන විට මා තුළ අකුසල් දහම් පිරිහෙයි. කුසල් දහම් වැඩෙයි. පැවිදි වූ මා විසින් ජීවත් වීම පිණිස යම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදියක් සොයා ගත යුතු නම්, ඒවා ද පහසුවෙන් ලැබෙයි. යම් අර්ථයක් පිණිස මම ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිදි භාවය ලැබුවේ නම් ඒ මාර්ගඵලාවබෝධය ද, භාවනා වශයෙන් පිරිපුන් බවට යයි’ යනුවෙන් මෙසේ ඒ පුද්ගලයා ගැන දැනගන්නා වූ පුද්ගලයා විසින් දිවි තිබෙන තුරා ඔහු පසුපසින් යා යුත්තේ ය. ඔහු විසින් අර පුද්ගලයා ව එළවා දමන නමුත් එතැනින් නොයා යුත්තේ ය.
‘ආයුෂ්මත්නි, පුද්ගලයා ත් දෙඅයුරකින් දත යුත්තේ ය. එනම් සේවනය කළ යුතු වූ ත්, සේවනය නොකළ යුතු වූ ත් වශයෙනි’යි යමක් කියන ලද්දේ නම්, එය කියන ලද්දේ මේ සඳහා ය.
ආයුෂ්මත්නි, මම් සිවුර ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු සිවුරකුත් තිබේ. සේවනය නොකළ යුතු සිවුරකුත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය කුමක් සඳහා පවසන ලද්දේ ද?
එහිලා යම් සිවුරක් පිළිබඳ ව මෙසේ දැනගන්නේ ද, ‘මවිසින් මේ චීවරය සේවනය කරන කල්හී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියා යම් සිවුරක් ගැන දන්නේ නම් එබඳු වූ සිවුර සේවනය නොකළ යුතුය. එහිලා ‘මවිසින් මේ චීවරය සේවනය කරන කල්හී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ කියා යම් සිවුරක් ගැන දන්නේ නම් එබඳු වූ සිවුර සේවනය කළ යුතුය. ‘ආයුෂ්මත්නි, මම් සිවුර ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු සිවුරකුත් තිබේ. සේවනය නොකළ යුතු සිවුරකුත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය පවසන ලද්දේ මේ සඳහා ය.
ආයුෂ්මත්නි, මම් පිණ්ඩපාතය ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු පිණ්ඩපාතයකුත් තිබේ. සේවනය නොකළ යුතු පිණ්ඩපාතයකුත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය කුමක් සඳහා පවසන ලද්දේ ද?
එහිලා යම් පිණ්ඩපාතයක් පිළිබඳ ව මෙසේ දැනගන්නේ ද, ‘මවිසින් මේ පිණ්ඩපාතය සේවනය කරන කල්හී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියා යම් පිණ්ඩපාතයක් ගැන දන්නේ නම් එබඳු වූ පිණ්ඩපාතය සේවනය නොකළ යුතුය. එහිලා ‘මවිසින් මේ පිණ්ඩපාතය සේවනය කරන කල්හී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ කියා යම් පිණ්ඩපාතයක් ගැන දන්නේ නම් එබඳු වූ පිණ්ඩපාතය සේවනය කළ යුතුය. ආයුෂ්මත්නි, මම් පිණ්ඩපාතය ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු පිණ්ඩපාතයකුත් තිබේ. සේවනය නොකළ යුතු පිණ්ඩපාතයකුත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය පවසන ලද්දේ මේ සඳහා ය.
ආයුෂ්මත්නි, මම් සේනාසනය ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු සේනාසනයකුත් තිබේ. සේවනය නොකළ යුතු සේනාසනයකුත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය කුමක් සඳහා පවසන ලද්දේ ද?
එහිලා යම් සේනාසනයක් පිළිබඳ ව මෙසේ දැනගන්නේ ද, ‘මවිසින් මේ සේනාසනය සේවනය කරන කල්හී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියා යම් සේනාසනයක් ගැන දන්නේ නම් එබඳු වූ සේනාසනය සේවනය නොකළ යුතුය. එහිලා ‘මවිසින් මේ සේනාසනය සේවනය කරන කල්හී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ කියා යම් සේනාසනයක් ගැන දන්නේ නම් එබඳු වූ සේනාසනය සේවනය කළ යුතුය. ආයුෂ්මත්නි, මම් සේනාසනය ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු සේනාසනයකුත් තිබේ. සේවනය නොකළ යුතු සේනාසනයකුත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය පවසන ලද්දේ මේ සඳහා ය.
ආයුෂ්මත්නි, මම් ගම් නියම්ගම් ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු ගම් නියම්ගම් ද තිබේ. සේවනය නොකළ යුතු ගම් නියම්ගම් ද තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය කුමක් සඳහා පවසන ලද්දේ ද?
එහිලා යම් ගම් නියම්ගම් පිළිබඳ ව මෙසේ දැනගන්නේ ද, ‘මවිසින් මේ ගම් නියම්ගම් සේවනය කරන කල්හී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියා යම් ගම් නියම්ගමක් ගැන දන්නේ නම් එබඳු වූ ගම් නියම්ගම් සේවනය නොකළ යුතුය. එහිලා ‘මවිසින් මේ ගම් නියම්ගම් සේවනය කරන කල්හී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ කියා යම් නියම්ගමක් ගැන දන්නේ නම් එබඳු වූ නියම්ගම් සේවනය කළ යුතුය. ආයුෂ්මත්නි, මම් ගම් නියම්ගම් ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු ගම් නියම්ගම් ද තිබේ. සේවනය නොකළ යුතු ගම් නියම් ගම් ද තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය පවසන ලද්දේ මේ සඳහා ය.
ආයුෂ්මත්නි, මම් ජනපද ප්රදේශ ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු ජනපද ප්රදේශත් තිබේ. සේවනය නොකළ යුතු ජනපද ප්රදේශත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය කුමක් සඳහා පවසන ලද්දේ ද?
එහිලා යම් ජනපද ප්රදේශයක් පිළිබඳ ව මෙසේ දැනගන්නේ ද, ‘මවිසින් මේ ජනපද ප්රදේශ සේවනය කරන කල්හී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියා යම් ජනපද ප්රදේශයක් ගැන දන්නේ නම් එබඳු වූ ජනපද ප්රදේශ සේවනය නොකළ යුතුය. එහිලා ‘මවිසින් මේ ජනපද ප්රදේශ සේවනය කරන කල්හී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ කියා යම් ජනපද ප්රදේශයක් ගැන දන්නේ නම් එබඳු වූ ජනපද ප්රදේශ සේවනය කළ යුතුය. ආයුෂ්මත්නි, මම් ජනපද ප්රදේශය ද දෙවැදෑරුම් යැයි පවසමි. එනම් සේවනය කළ යුතු ජනපද ප්රදේශත් තිබේ. සේවනය නොකළ යුතු ජනපද ප්රදේශත් තිබේ’ වශයෙන් යමක් පවසන ලද්දේ නම් එය පවසන ලද්දේ මේ සඳහා ය.
සාදු! සාදු!! සාදු!!!
සේවිතබ්බාසේවිතබ්බ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M