සැවැත් නුවර දී ය …..
එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, ‘නිස්සය සම්පන්න භික්ෂුව, නිස්සය සම්පන්න භික්ෂුව’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, භික්ෂුවක් නිස්සය සම්පන්න වන්නේ කොතෙක් කරුණු මත ද?”
“භික්ෂුව, ඉදින් භික්ෂුවක් ශ්‍රද්ධාව ඇසුරු කොට අකුසලය දුරු කරයි නම්, කුසලය වඩයි නම්, ඔහුගේ ඒ අකුසලය ප්‍රහීණ වූයේ ම වෙයි. භික්ෂුව, ඉදින් භික්ෂුවක් පවට ඇති ලැජ්ජාව ඇසුරු කොට ….(පෙ)…. භික්ෂුව, ඉදින් භික්ෂුවක් පවට ඇති භය ඇසුරු කොට ….(පෙ)…. භික්ෂුව, ඉදින් භික්ෂුවක් වීර්යය ඇසුරු කොට ….(පෙ)…. භික්ෂුව, ඉදින් භික්ෂුවක් ප්‍රඥාව ඇසුරු කොට අකුසලය දුරු කරයි නම්, කුසලය වඩයි නම්, ඔහුගේ ඒ අකුසලය ප්‍රහීණ වූයේ ම වෙයි. ඒ භික්ෂුවගේ යම් අකුසලයක් ආර්ය වූ ප්‍රඥාවෙන් දැක ප්‍රහීණ වූයේ වෙයි ද, ඒ අකුසලය ප්‍රහීණ වූයේ, මැනැවින් ප්‍රහීණ වූයේ ම වෙයි.
භික්ෂුව, ඒ භික්ෂුව විසින් මේ පංච ධර්මයන් මත පිහිටා ධර්ම සතරක් ඇසුරු කොට වාසය කළ යුත්තේ ය. ඒ කවර සතරක් ද යත්, භික්ෂුව, මෙහිලා භික්ෂුවක් නුවණින් සළකා එකක් සේවනය කරයි. නුවණින් සළකා තව දෙයක් ඉවසයි. නුවණින් සළකා තව දෙයක් අත්හරියි. නුවණින් සළකා තව දෙයක් දුරු කරයි. භික්ෂුව, මෙසේ භික්ෂුවක් නිස්සය සම්පන්න වෙයි.
සාදු! සාදු!! සාදු!!!
නිස්සයසම්පන්න සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M