සැවැත් නුවර දී ය …..
මහණෙනි, සංඝයා වහන්සේ කැමති නම් අංග අටකින් යුක්ත වූ භික්ෂුවට ගිහියන් කමා කරවා ගැනීමේ කර්මය කළ යුත්තාහු ය. ඒ කවර අටකින් ද යත්;
ගිහියන්ගේ අලාභය පිණිස උත්සාහ කරයි. ගිහියන්ට අනර්ථය කිරීමට උත්සාහ කරයි. ගිහියන්ට ආක්‍රෝශ කරයි. පරිභව කරයි. ගිහියන් හා ගිහියන් භේද කරයි. බුදුරජුන්ගේ ගුණ නසා කරුණු කියයි. ධර්මයෙහි ගුණ නසා කරුණු කියයි. සංඝයාගේ ගුණ නසා කරුණු කියයි. ගිහියන්ට වූ ධාර්මික පොරොන්දුව ඉටු නොකරයි.
මහණෙනි, සංඝයා වහන්සේ කැමති නම් මේ අංග අටෙන් යුක්ත වූ භික්ෂුවට ගිහියන් කමා කරවා ගැනීමේ කර්මය කළ යුත්තාහු ය.
මහණෙනි, සංඝයා වහන්සේ කැමති නම් අංග අටකින් යුක්ත වූ භික්ෂුවට ගිහියන් කමා කරවා ගැනීමේ කර්මය සංසිඳවිය යුත්තාහු ය. ඒ කවර අටකින් ද යත්;
ගිහියන්ගේ අලාභය පිණිස උත්සාහ නොකරයි. ගිහියන්ට අනර්ථය කිරීමට උත්සාහ නොකරයි. ගිහියන්ට ආක්‍රෝශ නොකරයි. පරිභව නොකරයි. ගිහියන් හා ගිහියන් භේද නොකරයි. බුදුරජුන්ගේ ගුණ කියයි. ධර්මයේ ගුණ කියයි. සංඝයාගේ ගුණ කියයි. ගිහියන්ට වූ ධාර්මික පොරොන්දුව ඉටු කරයි.
මහණෙනි, සංඝයා වහන්සේ කැමති නම් මේ අංග අටෙන් යුක්ත වූ භික්ෂුවට ගිහියන් කමා කරවා ගැනීමේ කර්මය සංසිඳවිය යුත්තාහු ය.
සාදු! සාදු!! සාදු!!!
පටිසාරණීයකම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M