සැවැත් නුවර දී ය …..
මහණෙනි, සංඝයා වෙතින් බැහැර කිරීමෙන් හෝ සංඝයා වෙතට ගැනීමෙන් හෝ විසඳීම කරන තෙක් ඒ භික්ෂුව විසින් කරුණු අටක් මත මැනැවින් පැවතිය යුත්තේ ය.
අන්‍යයන් උපසම්පදා නොකළ යුත්තේ ය. අන්‍යයන්ට නිස්සය නොදිය යුත්තේ ය. සාමණේර නමක් උපස්ථාන නොකළ යුත්තේ ය. භික්ෂුණීන්ට අවවාද කිරීම පිණිස පත්කිරීම නොපිළිගත යුත්තේ ය. කලින් සම්මත කොට තිබුණේ නමුත් භික්ෂුණීන්ට අවවාද නොකළ යුත්තේ ය. කිසි සංඝ සම්මුතියක් නොපිළිගත යුත්තේ ය. කිසි ප්‍රධානත්වයක නොතැබිය යුත්තේ ය. ඔහු ප්‍රධාන කොට සිටින සංඝයා විසින් විනය කර්ම කොට පිරිසිදු නොකළ යුත්තේ ය.
මහණෙනි, සංඝයා වෙතින් බැහැර කිරීමෙන් හෝ සංඝයා වෙතට ගැනීමෙන් හෝ විසඳීම කරන තෙක් ඒ භික්ෂුව විසින් මේ කරුණු අට මත මැනැවින් පැවතිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
තස්සපාපිය්‍යසිකා සම්මාවත්තන සූත්‍රය නිමා විය.
සිව්වෙනි සති වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සති සූත්‍රය, පුණ්ණිය සූත්‍රය, මූල සූත්‍රය, චෝර සූත්‍රය, තථාගතාධිවචන සූත්‍රය, නාගිත සූත්‍රය, පත්ත සූත්‍රය, පසාද සූත්‍රය, පටිසාරණීය, සම්මාවත්තන සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M