අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.4.8. අප්පස්සාදප්පසාද සුත්තං

8.2.4.8. අප්‍රසාදය සහ ප්‍රසාදය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, උපාසකවරු කැමති නම් අංග අටකින් යුක්ත වූ භික්ෂුව හට අප්‍රසාදය පළ කළ යුත්තාහු ය. ඒ කවර අටකින් ද යත්;

ගිහියන්ගේ අලාභය පිණිස උත්සාහ කරයි. ගිහියන්ට අනර්ථය කිරීමට උත්සාහ කරයි. ගිහියන්ට ආක්‍රෝශ කරයි. පරිභව කරයි. ගිහියන් හා ගිහියන් භේද කරයි. බුදුරජුන්ගේ ගුණ නසා කරුණු කියයි. ධර්මයෙහි ගුණ නසා කරුණු කියයි. සංඝයාගේ ගුණ නසා කරුණු කියයි. සංඝයාට නොගැලපෙන තැන්හි ද ඒ භික්ෂුව සිටිනු දකින්නට ලැබෙයි.

මහණෙනි, උපාසකවරු කැමති නම් මේ අංග අටෙන් යුක්ත වූ භික්ෂුව හට අප්‍රසාදය පළ කළ යුත්තාහු ය.

මහණෙනි, උපාසකවරු කැමති නම් අංග අටකින් යුක්ත වූ භික්ෂුව හට ප්‍රසාදය පළ කළ යුත්තාහු ය. ඒ කවර අටකින් ද යත්;

ගිහියන්ගේ අලාභය පිණිස උත්සාහ නොකරයි. ගිහියන්ට අනර්ථය කිරීමට උත්සාහ නොකරයි. ගිහියන්ට ආක්‍රෝශ නොකරයි. පරිභව නොකරයි. ගිහියන් හා ගිහියන් භේද නොකරයි. බුදුරජුන්ගේ ගුණ කියයි. ධර්මයේ ගුණ කියයි. සංඝයාගේ ගුණ කියයි. සංඝයාට නොගැලපෙන තැන්හි ඒ භික්ෂුව සිටිනු දකින්නට නොලැබෙයි.

මහණෙනි, උපාසකවරු කැමති නම් මේ අංග අටෙන් යුක්ත වූ භික්ෂුව හට ප්‍රසාදය පළ කළ යුත්තාහු ය.

සාදු! සාදු!! සාදු!!!

අප්පසාදප්පසාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M