අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.4.5. තථාගතාධිවචන සුත්තං

8.2.4.5. තථාගත බුදුරජුන්ට පවසන නම් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ‘ශ්‍රමණයා’ (සමණෝ) යනු තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ට පවසන නමකි.

මහණෙනි, ‘බ්‍රාහ්මණයා’ (බ්‍රාහ්මණෝ) යනු තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ට පවසන නමකි.

මහණෙනි, ‘ශල්‍යවෛද්‍යවරයා’ (භිසක්කෝ) යනු තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ට පවසන නමකි.

මහණෙනි, ‘අවබෝධයෙහි පරතෙර පත් තැනැත්තා’ (වේදගූ) යනු තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ට පවසන නමකි.

මහණෙනි, ‘නිර්මල තැනැත්තා’ (නිම්මලෝ) යනු තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ට පවසන නමකි.

මහණෙනි, ‘කෙලෙස් මල දුරු කළ තැනැත්තා’ (විමලෝ) යනු තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ට පවසන නමකි.

මහණෙනි, ‘නුවණැත්තා’ (ඤාණී) යනු තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ට පවසන නමකි.

මහණෙනි, ‘දුකින් නිදහස් වූ තැනැත්තා’ (විමුත්තෝ) යනු තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ට පවසන නමකි.

(ගාථා)

1. ශ්‍රමණයෙක් විසින් යමකට පැමිණිය යුත්තේ ද, බ්‍රාහ්මණයෙක් විසින් බඹසර වැස නිම කළේ ද, පරතෙරෙහි පත්වූවහු විසින් යමකට පත් විය යුත්තේ ද, ශෛල්‍ය වෛද්‍යවරයා විසින් අනුත්තර වූ නිවනට පත් විය යුත්තේ ද,

2. නිර්මලයෙකු විසින් යමකට පත්විය යුත්තේ ද, මනා නුවණැති විමලයෙකු විසින් යමක් ලැබිය යුත්තේ ද, නුවණැත්තෙකු විසින් යමක් ලැබිය යුත්තේ ද, නිදහස් වූවෙකු විසින් අනුත්තර වූ නිවනක් ලැබිය යුත්තේ ද,

3. ඒ මම මාර යුද්ධය ජයගෙන දුකෙන් නිදහස් වුණෙමි. මාර බන්ධනයන් ගෙන් අන්‍යයන්ව ද නිදහස් කරමි. උත්තම දමනයට පත්වුණෙමි. හික්මීම අවසන් කොට පිරිනිවීමට පත් වුණෙමි. ශ්‍රේෂ්ඨත්වයට පත්වුණෙමි.

සාදු! සාදු!! සාදු!!!

තථාගතාධිවචන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M