☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, ගතිගුණ අටකින් යුක්ත වූ මහා සොරා වහා අවසානයට පත් වෙයි. බොහෝ කල් නොපවතියි. ඒ කවර අටක් ද යත්;
පහර නොදෙන්නහුට පහර දෙයි. ඉතිරි නොකොට ම පැහැර ගනියි. ස්ත්‍රිය මරයි. කුමරිය දූෂණය කරයි. පැවිද්දා සතු දේ ත් පැහැර ගනියි. රාජ භාණ්ඩාගාරය පැහැර ගනියි. ඉතා නුදුරෙහි සොරකම් කරයි. ලත් දෙය නිධන් කරගන්නට දක්ෂ නොවෙයි.
මහණෙනි, මේ ගතිගුණ අටෙන් යුක්ත වූ මහා සොරා වහා අවසානයට පත් වෙයි. බොහෝ කල් නොපවතියි.
මහණෙනි, ගතිගුණ අටකින් යුක්ත වූ මහා සොරා ඉක්මනින් අවසානයට පත් නොවෙයි. බොහෝ කල් පවතියි. ඒ කවර අටක් ද යත්;
පහර නොදෙන්නහුට පහර නොදෙයි. ඉතිරි කොට පැහැර ගනියි. ස්ත්‍රිය නොමරයි. කුමරිය දූෂණය නොකරයි. පැවිද්දා සතු දේ පැහැර නොගනියි. රාජ භාණ්ඩාගාරය පැහැර නොගනියි. ඉතා නුදුරෙහි සොරකම් නොකරයි. ලත් දෙය නිධන් කරගන්නට දක්ෂ වෙයි.
මහණෙනි, මේ ගතිගුණ අටෙන් යුක්ත වූ මහා සොරා ඉක්මනින් අවසානයට පත් නොවෙයි. බොහෝ කල් පවතියි.
සාදු! සාදු!! සාදු!!!
මහා චෝරංග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M