එක් සමයක භාග්‍යවතුන් වහන්සේ නාදිකා නම් ගමෙහි ගෙඩිගෙහි වාසය කරන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මරණසතිය භාවිත කිරීමෙන්, බහුල ව ප්‍රගුණ කිරීමෙන් මහත්ඵල මහානිශංස ලැබෙන්නේ ය. නිවනට බැසගෙන ඇත්තේ ය. නිවන කෙළවර කොට ඇත්තේ ය. මහණෙනි, ඔබ මරණසතිය වඩන්නහු ද?”
1. මෙසේ වදාළ කල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මම මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”
“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”
“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් එක් රෑ දහවලක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”
2. වෙනත් භික්ෂුවක් ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මම ත් මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”
“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”
“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් දවසක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”
3. වෙනත් භික්ෂුවක් ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මම ත් මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”
“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”
“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් අඩ දවසක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”
4. තවත් භික්ෂුවක් ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මම ත් මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”
“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”
“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් එක් ආහාර වේලක් වළඳන තෙක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”
5. තවත් භික්ෂුවක් ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මම ත් මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”
“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”
“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් අඩ ආහාර වේලක් වළඳන තෙක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”
6. තවත් භික්ෂුවක් ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මම ත් මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”
“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”
“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් සතර පස් පිඬක් ආහාර සපා අනුභව කෙරෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”
7. තවත් භික්ෂුවක් ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මම ත් මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”
“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”
“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් එක් පිඬක් ආහාර සපා අනුභව කෙරෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”
8. තවත් භික්ෂුවක් ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මම ත් මරණය පිළිබඳ සිහි කිරීම වඩමි.”
“භික්ෂුව, ඔබ මරණසතිය වඩන්නේ කවර අයුරින් ද?”
“ස්වාමීනී, මෙහිලා මට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම් යම් කාලයක් තුළ ආශ්වාස කොට ප්‍රශ්වාස කරන්නෙම් ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කරන්නෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ වශයෙනි. ස්වාමීනී, මම ඔය අයුරින් මරණසතිය වඩමි.”
මෙසේ පැවසූ කල්හී භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් හට මෙය වදාළ සේක.
“මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (1) ‘අහෝ! ඒකාන්තයෙන් මම් එක් රෑ දහවලක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (2) ‘අහෝ! ඒකාන්තයෙන් මම් දවසක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (3) ‘අහෝ! ඒකාන්තයෙන් මම් අඩදවසක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (4) ‘අහෝ! ඒකාන්තයෙන් මම් එක් ආහාර වේලක් වළඳන තෙක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (5) ‘අහෝ! ඒකාන්තයෙන් මම් අඩ ආහාර වේලක් වළඳන තෙක් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (6) ‘අහෝ! ඒකාන්තයෙන් මම් සතර පස් පිඬක් ආහාර සපා අනුභව කෙරෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ වෙයි ද, මහණෙනි, මේ භික්ෂූහු ප්රමාදී ව වාසය කරන්නෝ ය. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස සෙමෙන් මරණසතිය වඩත් යැයි කියනු ලැබේ.
මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (7) ‘අහෝ! ඒකාන්තයෙන් මම් එක් පිඬක් ආහාර සපා අනුභව කෙරෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙසේ මරණසතිය වඩයි ද, එනම් (8) ‘අහෝ! ඒකාන්තයෙන් මම් යම් කාලයක් තුළ ආශ්වාස කොට ප්‍රශ්වාස කරන්නෙම් ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කරන්නෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, එතෙක් කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ ය’ කියා හෝ වෙයි ද, මහණෙනි, මේ භික්ෂූහු අප්රමාදී ව වාසය කරන්නෝ ය. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස තියුණු ලෙස මරණසතිය වඩත් යැයි කියනු ලැබේ.
එහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘අප්රමාදී ව වාසය කරන්නෙමු. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස තියුණු ලෙස මරණසතිය වඩන්නෙමු’ යි. මහණෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේ ය.”
සාදු! සාදු!! සාදු!!!
පඨම මරණසති සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M