අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.1.9. පඨම අට්ඨපුග්ගල සුත්තං

8.2.1.9. පුද්ගලයන් අට දෙනා ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය ……………….

මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙනා දන් පැන් පිදීමට සුදුසු වෙති. ආගන්තුක සත්කාරයට සුදුසු වෙති. පින් රැස්කරගැනීම පිණිස කරනු ලබන උපස්ථාන ලැබීමට සුදුසු වෙති. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙති. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වේ. ඒ කවර අට දෙනෙක් ද යත්;

සෝවාන් වූ කෙනා ය, සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, සකදාගාමී වූ කෙනා ය, සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, අනාගාමී වූ කෙනා ය, අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, රහතන් වහන්සේ ය, අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය.

මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙනා දන් පැන් පිදීමට සුදුසු වෙති. ආගන්තුක සත්කාරයට සුදුසු වෙති. පින් රැස්කරගැනීම පිණිස කරනු ලබන උපස්ථාන ලැබීමට සුදුසු වෙති. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙති. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වේ.

(ගාථා)

1. සතර මාර්ගයෙහි පිළිපන්නෝ ය. සතර ඵලයෙහි සිටියෝ ය. මේ සංඝ තෙමේ නිවන් මග තුළ ඍජු වූයේ, ප්‍රඥාවෙන් ද, සීලයෙන් ද, සමාහිත සිතින් ද යුක්ත වූයේ වෙයි.

2.දන් දෙන මිනිසුන් හට, පින් කැමති වූ ප්‍රාණීන් හට, මත්තෙහි සැප විපාක ලබා දෙන පින් කරන තැනැත්තන් හට සංඝයාට දෙන ලද දානය මහත්ඵල වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම අට්ඨපුග්ගල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M