සැවැත් නුවර දී ය ……………….
මහණෙනි, කරුණු අටකින් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි. ඒ කවර අට කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ….(පෙ)…. ශික්ෂා පදයන්හි සමාදන් ව හික්මෙයි. බහුශ්‍රැත වෙයි ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දේ වෙයි. පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. දුර ඈත සෙනසුන්වල වසන අරණ්යවාසිකයෙක් වෙයි. භාවනාවට ඇති නොඇල්ම ත්, කාමයට ඇති ඇල්ම ත් මැඩලන්නේ වෙයි. උපන් අරතිය මැඩ මැඩ වාසය කරයි. භය භේරව මැඩලන්නේ වෙයි. උපන් භය භේරව මැඩ මැඩ වාසය කරන්නේ වෙයි. ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොවදී ලබන සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, බොහෝ සේ ලබන්නේ වෙයි. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, මේ කරුණු අටන් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M