අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.1.10. දුතිය අට්ඨපුග්ගල සුත්තං

8.2.1.10. පුද්ගලයන් අට දෙනා ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය ……………….

මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙනා දන් පැන් පිදීමට සුදුසු වෙති. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වේ. ඒ කවර අට දෙනෙක් ද යත්;

සෝවාන් වූ කෙනා ය, සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, ….(පෙ)…. රහතන් වහන්සේ ය, අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය.

මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙනා දන් පැන් පිදීමට සුදුසු වෙති. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වේ.

(ගාථා)

1. සතර මාර්ගයෙහි පිළිපන්නෝ ය. සතර ඵලයෙහි සිටියෝ ය. මේ අෂ්ට පුද්ගල සංඝ තෙමේ සත්වයන්ගේ උත්කෘෂ්ට පිරිස වෙයි.

2.දන් දෙන මිනිසුන් හට, පින් කැමති වූ ප්‍රාණීන් හට මත්තෙහි සැප විපාක ලබා දෙන පින් කරන තැනැත්තන් හට සංඝයාට දෙන ලද දානය මහත්ඵල වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අට්ඨපුග්ගල සූත්‍රය නිමා විය.

පළමුවෙනි ගෝතමී වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ගෝතමී සූත්‍රය, ඕවාද සූත්‍රය, සංඛිත්ත සූත්‍රය, දීඝජාණු සූත්‍රය, උජ්ජය සූත්‍රය, කාමාධිවචන සූත්‍රය, ආහුණෙය්‍ය සූත්‍ර දෙක සහ අට්ඨපුග්ගල සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M