සැවැත් නුවර දී ය …..
මහණෙනි, පුණ්‍ය ක්‍රියාවන්ට මුල් වන දේවල් තුනකි. ඒ කවර තුනක් ද යත්;
දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව ය. සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව ය. භාවනාව මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව ය.
1. මහණෙනි, මෙහිලා කෙනෙක් විසින් දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව ස්වල්ප වශයෙන් කරන ලද්දේ වෙයි. සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව ස්වල්ප වශයෙන් කරන ලද්දේ වෙයි. භාවනාව මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව නොසැපයෙන ලද්දේ වෙයි. ඔහු කය බිඳී මරණින් මතු මිනිසුන් අතර භාග්‍යය නැති බවට පැමිණෙයි.
2. මහණෙනි, මෙහිලා කෙනෙක් විසින් දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව ප්‍රමාණවත් ලෙස කරන ලද්දේ වෙයි. සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව ප්‍රමාණවත් ලෙස කරන ලද්දේ වෙයි. භාවනාව මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව නොසැපයෙන ලද්දේ වෙයි. ඔහු කය බිඳී මරණින් මතු මිනිසුන් අතර සෞභාග්‍යයට පැමිණෙයි.
3. මහණෙනි, මෙහිලා කෙනෙක් විසින් දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරන ලද්දේ වෙයි. සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරන ලද්දේ වෙයි. භාවනාව මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව නොසැපයෙන ලද්දේ වෙයි. ඔහු කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන් අතරට පැමිණෙයි.
මහණෙනි, එහි චාතුම්මහාරාජික දෙව් රජවරු සතර දෙනා දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට, සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට, චාතුම්මහාරාජික දෙවියන් අතරෙහි කරුණු දහයකින් බලවත් ව සිටියි. එනම්, දිව්‍ය ආයුෂයෙන් ය. දිව්‍ය වර්ණයෙන් ය. දිව්‍ය සැපයෙන් ය. දිව්‍ය යසසින් ය. දිව්‍ය අධිපතිභාවයෙන් ය. දිව්‍ය රූපයෙන් ය. දිව්‍ය ශබ්දයෙන් ය. දිව්‍ය ගන්ධයෙන් ය. දිව්‍ය රසයෙන් ය. දිව්‍ය පහසෙන් ය.
4. මහණෙනි, මෙහිලා කෙනෙක් විසින් දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරන ලද්දේ වෙයි. සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරන ලද්දේ වෙයි. භාවනාව මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව නොසැපයෙන ලද්දේ වෙයි. ඔහු කය බිඳී මරණින් මතු තව්තිසා දෙවියන් අතරට පැමිණෙයි.
මහණෙනි, එහි ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට, සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට, තව්තිසා දෙවියන් අතරෙහි කරුණු දහයකින් බලවත් ව සිටියි. එනම්, දිව්‍ය ආයුෂයෙන් ය. ….(පෙ)…. දිව්‍ය පහසෙන් ය.
5. මහණෙනි, මෙහිලා කෙනෙක් විසින් දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරන ලද්දේ වෙයි. සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරන ලද්දේ වෙයි. භාවනාව මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව නොසැපයෙන ලද්දේ වෙයි. ඔහු කය බිඳී මරණින් මතු යාම දෙවියන් අතරට පැමිණෙයි.
මහණෙනි, එහි සුයාම දිව්‍යපුත්‍ර තෙමේ දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට, සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට, යාම දෙවියන් අතරෙහි කරුණු දහයකින් බලවත් ව සිටියි. එනම්, දිව්‍ය ආයුෂයෙන් ය. ….(පෙ)…. දිව්‍ය පහසෙන් ය.
6. මහණෙනි, මෙහිලා කෙනෙක් විසින් දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරන ලද්දේ වෙයි. සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරන ලද්දේ වෙයි. භාවනාව මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව නොසැපයෙන ලද්දේ වෙයි. ඔහු කය බිඳී මරණින් මතු තුසිත දෙවියන් අතරට පැමිණෙයි.
මහණෙනි, එහි සන්තුසිත දිව්‍යපුත්‍ර තෙමේ දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට, සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට, තුසිත දෙවියන් අතරෙහි කරුණු දහයකින් බලවත් ව සිටියි. එනම්, දිව්‍ය ආයුෂයෙන් ය. ….(පෙ)…. දිව්‍ය පහසෙන් ය.
7. මහණෙනි, මෙහිලා කෙනෙක් විසින් දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරන ලද්දේ වෙයි. සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරන ලද්දේ වෙයි. භාවනාව මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව නොසැපයෙන ලද්දේ වෙයි. ඔහු කය බිඳී මරණින් මතු නිම්මාණරතී දෙවියන් අතරට පැමිණෙයි.
මහණෙනි, එහි සුනිම්මිත දිව්‍යපුත්‍ර තෙමේ දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට, සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට, නිම්මාණරතී දෙවියන් අතරෙහි කරුණු දහයකින් බලවත් ව සිටියි. එනම්, දිව්‍ය ආයුෂයෙන් ය. ….(පෙ)…. දිව්‍ය පහසෙන් ය.
8. මහණෙනි, මෙහිලා කෙනෙක් විසින් දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරන ලද්දේ වෙයි. සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව අධික ලෙස කරන ලද්දේ වෙයි. භාවනාව මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව නොසැපයෙන ලද්දේ වෙයි. ඔහු කය බිඳී මරණින් මතු පරනිම්මිත වසවත්තී දෙවියන් අතරට පැමිණෙයි.
මහණෙනි, එහි වසවත්තී දිව්‍යපුත්‍ර තෙමේ දානය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට, සීලය මුල් වී කරන ලද පුණ්‍ය ක්‍රියාව පමණට වැඩියෙන් කොට, පරනිම්මිත වසවත්තී දෙවියන් අතරෙහි කරුණු දහයකින් බලවත් ව සිටියි. එනම්, දිව්‍ය ආයුෂයෙන් ය. දිව්‍ය වර්ණයෙන් ය. දිව්‍ය සැපයෙන් ය. දිව්‍ය යසසින් ය. දිව්‍ය අධිපතිභාවයෙන් ය. දිව්‍ය රූපයෙන් ය. දිව්‍ය ශබ්දයෙන් ය. දිව්‍ය ගන්ධයෙන් ය. දිව්‍ය රසයෙන් ය. දිව්‍ය පහසෙන්ය.
මහණෙනි, මේ වනාහී පුණ්‍ය ක්‍රියාවන්ට මුල්වන කරුණු තුන යි.
සාදු! සාදු!! සාදු!!!
පුඤ්ඤකිරියවත්ථු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M