☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ සත්පුරුෂ දාන අටකි. ඒ කවර අටක් ද යත්;
පිරිසිදු ලෙස දන් දෙයි. ප්‍රණීත ලෙස දන් දෙයි. කැප කාලයෙහි දන් දෙයි. කැප දෙයක් දන් දෙයි. නුවණින් විමසා දන් දෙයි. නිතර නිතර දන් දෙයි. දන් දෙන විට සිත පහදවා ගනියි. දන් දී සතුටට පත්වෙයි.
මහණෙනි, මේ වනාහී සත්පුරුෂ දාන අට යි.
(ගාථා)
1. සාරවත් කුඹුරක් බඳු බ්‍රහ්මචාරීන් වහන්සේලා විෂයෙහි පිරිසිදු ලෙස ත්, ප්‍රණීත ලෙස ත්, කැප කාලයෙහි දී ත්, කැප ලෙස ත්, නිතර නිතර ත් පැන් බොජුන් දන් දෙයි.
2. බොහෝ ආමිසය දන් දී පසුතැවිලි නොවෙයි. නුවණින් විමසා බලන උදවිය මෙසේ දෙන ලද දානය වර්ණනා කරති.
3. මෙසේ මසුරුමල දුරු වූ සිතින් දන් දී නුවණැති ශ්‍රද්ධාවත් තැනැත්තා දුක් රහිත වූ සැප ඇති ස්වර්ග ලෝකයට පැමිණෙයි.
සාදු! සාදු!! සාදු!!!
සප්පුරිස දාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M