අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.2.6. දූතෙය්‍ය සුත්තං

8.1.2.6. පණිවිඩ ගෙන යාම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, අට කරුණකින් සමන්විත වූ භික්ෂුව සංඝයා උදෙසා පණිවිඩ ගෙනයාමට සුදුසු වෙයි. ඒ කවර අට කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව සවන් දෙන්නේ ද වෙයි. සවන් දෙවන්නේ ද වෙයි. ඉගෙන ගන්නේ ද වෙයි. ධරන්නේ ද වෙයි. අරුත් දන්නේ ද වෙයි. අරුත් දන්වන්නේ ද වෙයි. හිත – අහිත දෙක පිළිබඳ ව දක්ෂ වූයේ ද වෙයි. කෝළාහල නොකරන්නේ ද වෙයි.

මහණෙනි, මේ අට කරුණෙන් සමන්විත වූ භික්ෂුව සංඝයා උදෙසා පණිවිඩ ගෙනයාමට සුදුසු වෙයි.

මහණෙනි, අට කරුණකින් සමන්විත වූ සාරිපුත්තයෝ සංඝයා උදෙසා පණිවිඩ ගෙනයාමට සුදුසු වෙති. ඒ කවර අට කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා සාරිපුත්ත තෙමේ සවන් දෙන්නේ ද වෙයි. සවන් දෙවන්නේ ද වෙයි. ඉගෙන ගන්නේ ද වෙයි. ධරන්නේ ද වෙයි. අරුත් දන්නේ ද වෙයි. අරුත් දන්වන්නේ ද වෙයි. හිත – අහිත දෙක පිළිබඳ ව දක්ෂ වූයේ ද වෙයි. කෝළාහල නොකරන්නේ ද වෙයි.

මහණෙනි, මේ අට කරුණෙන් සමන්විත වූ සාරිපුත්තයෝ සංඝයා උදෙසා පණිවිඩ ගෙනයාමට සුදුසු වෙති.

(ගාථා)

1. යමෙක් උග්‍රවාදී පිරිසක් වෙත පැමිණ නොසැලී සිටියි ද, දැහැමි වචනය නොනසයි ද, ශාසනය නොසඟවයි ද,

2. නිසැක කොට පවසයි ද, ප්‍රශ්න කරන විට නොකිපෙයි ද, ඒකාන්තයෙන් ම එබඳු මහණ දූත මෙහෙවරට යාමට සුදුසු වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දූතෙය්‍ය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M