☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, අට ආකාරයකින් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබයි. ඒ කවර අට ආකාරයකින් ද යත්;
මහණෙනි, රූපයෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබයි. මහණෙනි, සිනහවෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබයි. මහණෙනි, කථාවෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබයි. මහණෙනි, ගී ගැයීමෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබයි. මහණෙනි, හැඬීමෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබයි. මහණෙනි, ආකල්පයෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබයි. මහණෙනි, වනමල් ආදී තෑගි වලින් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබයි. මහණෙනි, ස්පර්ශයෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබයි.
මහණෙනි, මේ අට ආකාරයෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබයි. මහණෙනි, යම් සත්වයෝ ස්පර්ශයෙන් බැඳී ගියාහු වෙත් ද, ඔවුන් දරුණු ලෙස බැඳී ගියාහු ය.
සාදු! සාදු!! සාදු!!!
පුරිසබන්ධන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M