එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. දේවදත්තයා සංඝයා බිඳගොස් වැඩි කල් නොවී ය. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේවදත්තයා අරභයා භික්ෂූන් ඇමතූ සේක.
මහණෙනි, භික්ෂුවක් කලින් කලට තමන්ට සිදුවන විපත් නුවණින් සළකන්නේ නම් යහපති. මහණෙනි, භික්ෂුවක් කලින් කලට අනුන්ට සිදුවන විපත් නුවණින් සළකන්නේ නම් යහපති. මහණෙනි, භික්ෂුවක් කලින් කලට තමන්ට ලැබෙන සම්පත් නුවණින් සළකන්නේ නම් යහපති. මහණෙනි, භික්ෂුවක් කලින් කලට අනුන්ට ලැබෙන සම්පත් නුවණින් සළකන්නේ නම් යහපති.
මහණෙනි, අටක් වූ අසද්ධර්මයෙන් මැඩගත්, වෙළුණු සිත් ඇති දේවදත්තයා අපායට නිසි වූයේ, නිරයට නිසි වූයේ, කල්පයක් පැසෙනුයේ, පිළියම් නොකළ හැකි තැනට වැටුණේ ය. ඒ කවර අට කරුණක් ද යත්;
මහණෙනි, ලාභයෙන් මැඩගත්, වෙළුණු සිත් ඇති දේවදත්තයා අපායට නිසි වූයේ, නිරයට නිසි වූයේ, කල්පයක් පැසෙනුයේ, පිළියම් නොකළ හැකි තැනට වැටුණේ ය. අලාභයෙන් ….(පෙ)…. යසින් ….(පෙ)…. අයසින් ….(පෙ)…. සත්කාරයෙන් ….(පෙ)…. අසත්කාරයෙන් ….(පෙ)…. පවිටු ආශාවෙන් ….(පෙ)…. පාපමිත්‍රයන්ගෙන් මැඩගත්, වෙළුණු සිත් ඇති දේවදත්තයා අපායට නිසි වූයේ, නිරයට නිසි වූයේ, කල්පයක් පැසෙනුයේ, පිළියම් නොකළ හැකි තැනට වැටුණේ ය.
මහණෙනි, මේ අටක් වූ අසද්ධර්මයෙන් මැඩගත්, වෙළුණු සිත් ඇති දේවදත්තයා අපායට නිසි වූයේ, නිරයට නිසි වූයේ, කල්පයක් පැසෙනුයේ, පිළියම් නොකළ හැකි තැනට වැටුණේ ය.
මහණෙනි, භික්ෂුවක් උපන් ලාභය නුවණින් සළකා නැවත නැවත මැඩගෙන වසන්නේ නම් යහපති. උපන් අලාභය ….(පෙ)…. උපන් යස ….(පෙ)…. උපන් අයස ….(පෙ)…. උපත් සත්කාරය ….(පෙ)…. උපන් අසත්කාරය ….(පෙ)…. උපන් පවිටු ආශාව ….(පෙ)…. උපන් පාප මිත්‍රයන් නුවණින් සළකා නැවත නැවත මැඩගෙන වසන්නේ නම් යහපති.
මහණෙනි, භික්ෂුවක් කවර යහපතක් නිසාවෙන් ද උපන් ලාභය නැවත නැවත මැඩගෙන වාසය කළ යුතු වන්නේ? උපන් අලාභය ….(පෙ)…. උපන් යස ….(පෙ)…. උපන් අයස ….(පෙ)…. උපන් සත්කාරය ….(පෙ)…. උපන් අසත්කාරය ….(පෙ)…. උපන් පවිටු ආශාව ….(පෙ)…. උපන් පාප මිත්‍රයන් නැවත නැවත මැඩගෙන වාසය කළ යුත්තේ?
මහණෙනි, උපන් ලාභය නොමැඩගෙන වසන්නා වූ ඔහුට යම් දුක් පීඩා ඇතිවන කෙලෙස් උපදියි නම් උපන් ලාභය මැඩගෙන වසන්නහුට මෙසේ ඒ දුක් පීඩා ඇති කරන කෙලෙස් ඇති නොවෙයි. මහණෙනි, උපන් අලාභය ….(පෙ)…. උපන් යස ….(පෙ)…. උපන් අයස ….(පෙ)…. උපන් සත්කාරය ….(පෙ)…. උපන් අසත්කාරය ….(පෙ)…. උපන් පවිටු ආශාව ….(පෙ)…. උපන් පාප මිත්‍රයන් නොමැඩගෙන වසන්නා වූ ඔහුට යම් දුක් පීඩා ඇතිවන කෙලෙස් උපදියි නම් උපන් පාප මිත්‍රයන් මැඩගෙන වසන්නහුට මෙසේ ඒ දුක් පීඩා ඇති කරන කෙලෙස් ඇති නොවෙයි.
මහණෙනි, භික්ෂුව මේ අර්ථය නිසාවෙනුයි උපන් ලාභය නැවත නැවත මැඩගෙන වාසය කළ යුත්තේ. උපන් අලාභය ….(පෙ)…. උපන් යස ….(පෙ)…. උපන් අයස ….(පෙ)…. උපන් සත්කාරය ….(පෙ)…. උපන් අසත්කාරය ….(පෙ)…. උපන් පවිටු ආශාව ….(පෙ)…. උපන් පාප මිත්‍රයන් නැවත නැවත මැඩගෙන වාසය කළ යුත්තේ.
එහෙයින් මහණෙනි, මෙහිලා මෙසේ හික්මිය යුත්තේ ය. උපන් ලාභය නැවත නැවත. මැඩගෙන වාසය කරන්නෙමු. උපන් අලාභය ….(පෙ)…. උපන් යස ….(පෙ)…. උපන් අයස ….(පෙ)…. උපන් සත්කාරය ….(පෙ)…. උපන් අසත්කාරය ….(පෙ)…. උපන් පවිටු ආශාව ….(පෙ)…. උපන් පාප මිත්‍රයන් නැවත නැවත මැඩගෙන වාසය කරන්නෙමු යි. මහණෙනි, මෙසේ ඔබ හික්මිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දේවදත්ත විපත්ති සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M