සැවැත් නුවර දී ය …..
මහණෙනි, සත් වැදෑරුම් පුරුෂ ගති පිළිබඳ ව ත්, උපාදාන රහිත පිරිනිවීම පිළිබඳ ව ත් දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි. ‘එසේ ය, ස්වාමීනී’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, සත් වැදෑරුම් පුරුෂ ගති මොනවා ද?
1. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. අනාගතය පිණිස කර්මයක් නොතිබෙන්නේ නම්, මට අනාගත උපතක් ද නොතිබෙන්නේ ය. යමක් ඇද්ද, යමක් ඉපදුණේ ද එය අත්හරින්නෙමි’ යි. උපේක්ෂාව ලබයි. හේ භවයෙහි නොඇලෙයි. යළි උපතෙහි ද නොඇලෙයි. මත්තෙහි ශාන්ත වූ නිර්වාණය ඇතැයි මනාකොට නුවණින් දකියි. එනමුදු ඔහු විසින් නිවන පිළිබඳ හැම අයුරින් සාක්ෂාත් නොකරන ලද්දේ වෙයි. ඔහු විසින් මානානුසය හැම අයුරින් ප්‍රහාණය නොකරන ලද්දේ වෙයි. අවිද්‍යා අනුසය හැම අයුරින් ප්‍රහාණය නොකරන ලද්දේ වෙයි. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් අන්තරා පරිනිබ්බායී වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. දවස මුළුල්ලෙහි රත් වූ යකඩ පතුරක් තලන කල්හී එහි ගිනි පුපුරු ඉපදී නිවී යන්නේ යම් සේ ද,
එසෙයින් ම මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. අනාගතය පිණිස කර්මයක් නොතිබෙන්නේ නම්, මට අනාගත උපතක් ද නොතිබෙන්නේ ය. යමක් ඇද්ද, යමක් ඉපදුණේ ද එය අත්හරින්නෙමි’ යි. උපේක්ෂාව ලබයි. හේ භවයෙහි නොඇලෙයි. යළි උපතෙහි ද නොඇලෙයි. මත්තෙහි ශාන්ත වූ නිර්වාණය ඇතැයි මනාකොට නුවණින් දකියි. එනමුදු ඔහු විසින් නිවන පිළිබඳ හැම අයුරින් සාක්ෂාත් නොකරන ලද්දේ වෙයි. ඔහු විසින් මානානුසය හැම අයුරින් ප්‍රහාණය නොකරන ලද්දේ වෙයි. අවිද්‍යා අනුසය හැම අයුරින් ප්‍රහාණය නොකරන ලද්දේ වෙයි. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් අන්තරා පරිනිබ්බායී වෙයි.
2. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. අනාගතය පිණිස කර්මයක් නොතිබෙන්නේ නම්, මට අනාගත උපතක් ද නොතිබෙන්නේ ය. යමක් ඇද්ද, යමක් ඉපදුණේ ද එය අත්හරින්නෙමි’ යි. උපේක්ෂාව ලබයි. හේ භවයෙහි නොඇලෙයි. යළි උපතෙහි ද නොඇලෙයි. මත්තෙහි ශාන්ත වූ නිර්වාණය ඇතැයි මනාකොට නුවණින් දකියි. එනමුදු ඔහු විසින් නිවන පිළිබඳ හැම අයුරින් සාක්ෂාත් නොකරන ලද්දේ වෙයි. ඔහු විසින් මානානුසය හැම අයුරින් ප්‍රහාණය නොකරන ලද්දේ වෙයි. අවිද්‍යා අනුසය හැම අයුරින් ප්‍රහාණය නොකරන ලද්දේ වෙයි. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් අන්තරා පරිනිබ්බායී වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. දවස මුළුල්ලෙහි රත් වූ යකඩ පතුරක් තලන කල්හී එහි ගිනි පුපුරු ඉපදී උඩට නැගී නිවී යන්නේ යම් සේ ද,
එසෙයින් ම මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. ….(පෙ)…. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් අන්තරා පරිනිබ්බායී වෙයි.
3. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. ….(පෙ)…. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් අන්තරා පරිනිබ්බායී වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. දවස මුළුල්ලෙහි රත් වූ යකඩ පතුරක් තලන කල්හී එහි ගිනි පුපුරු ඉපදී උඩට නැගී පොළොවට නොවැටී නිවී යන්නේ යම් සේ ද,
එසෙයින් ම මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. ….(පෙ)…. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් අන්තරා පරිනිබ්බායී වෙයි.
4. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. ….(පෙ)…. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් උපහච්ච පරිනිබ්බායී වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. දවස මුළුල්ලෙහි රත් වූ යකඩ පතුරක් තලන කල්හී එහි ගිනි පුපුරු ඉපදී උඩට නැගී පොළොවට වැටී නිවී යන්නේ යම් සේ ද,
එසෙයින් ම මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. ….(පෙ)…. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් උපහච්ච පරිනිබ්බායී වෙයි.
5. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. ….(පෙ)…. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් අසංඛාර පරිනිබ්බායී වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. දවස මුළුල්ලෙහි රත් වූ යකඩ පතුරක් තලන කල්හී එහි ගිනි පුපුරු ඉපදී උඩට නැගී ස්වල්ප වූ තණ රොඩු වේවා, ලී දඬු වේවා ඒ මත වැටෙයි. එය එහි ගිනි උපදවයි. දුම ත් උපදවයි. ගින්න ත් උපදවා, දුම ත් උපදවා ඒ ස්වල්ප වූ තණ රොඩු වේවා, ලී දඬු වේවා දැවී අවසන් ව, ඒ ගින්නට උදව් වෙන කිසිවක් නැතිවීමෙන් නිවී යන්නේ යම් සේ ද,
එසෙයින් ම මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. ….(පෙ)…. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් අසංඛාර පරිනිබ්බායී වෙයි.
6. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. ….(පෙ)…. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් සසංඛාර පරිනිබ්බායී වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. දවස මුළුල්ලෙහි රත් වූ යකඩ පතුරක් තලන කල්හී එහි ගිනි පුපුරු ඉපදී උඩට නැගී මහත් වූ තණ රොඩු වේවා, ලී දඬු වේවා ඒ මත වැටෙයි. එය එහි ගිනි උපදවයි. දුම ත් උපදවයි. ගින්න ත් උපදවා, දුම ත් උපදවා ඒ මහත් වූ තණ රොඩු වේවා, ලී දඬු වේවා දැවී අවසන් ව, ඒ ගින්නට උදව් වෙන කිසිවක් නැතිවීමෙන් නිවී යන්නේ යම් සේ ද,
එසෙයින් ම මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. ….(පෙ)…. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් සසංඛාර පරිනිබ්බායී වෙයි.
7. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. අනාගතය පිණිස කර්මයක් නොතිබෙන්නේ නම්, මට අනාගත උපතක් ද නොතිබෙන්නේ ය. යමක් ඇද්ද, යමක් ඉපදුණේ ද එය අත්හරින්නෙමි’ යි. උපේක්ෂාව ලබයි. හේ භවයෙහි නොඇලෙයි. යළි උපතෙහි ද නොඇලෙයි. මත්තෙහි ශාන්ත වූ නිර්වාණය ඇතැයි මනාකොට නුවණින් දකියි. එනමුදු ඔහු විසින් නිවන පිළිබඳ හැම අයුරින් සාක්ෂාත් නොකරන ලද්දේ වෙයි. ඔහු විසින් මානානුසය හැම අයුරින් ප්‍රහාණය නොකරන ලද්දේ වෙයි. අවිද්‍යා අනුසය හැම අයුරින් ප්‍රහාණය නොකරන ලද්දේ වෙයි. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් උද්ධං සෝත අකනිට්ඨගාමී වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. දවස මුළුල්ලෙහි රත් වූ යකඩ පතුරක් තලන කල්හී එහි ගිනි පුපුරු ඉපදී උඩට නැගී මහත් වූ තණ රොඩු වේවා, ලී දඬු වේවා ඒ මත වැටෙයි. එය එහි ගිනි උපදවයි. දුම ත් උපදවයි. ගින්න ත් උපදවා, දුම ත් උපදවා ඒ මහත් වූ තණ රොඩු වේවා, ලී දඬු වේවා දැවී අවසන් ව වනය ද දවන්නේ ය. උයන ද දවන්නේ ය. වනය ද දවා, උයන ද දවා නිල් තණ පිටියකට හෝ පැමිණ, මාවතකට හෝ පැමිණ, ගල්තලාවකට හෝ පැමිණ, ජලය ඇති තැනකට හෝ පැමිණ, රමණීය බිමකට හෝ පැමිණ ඒ ගින්නට උදව් වෙන කිසිවක් නැතිවීමෙන් නිවී යන්නේ යම් සේ ද,
එසෙයින් ම මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. ….(පෙ)…. හේ පංච ඕරම්භාගීය සංයෝජන ගෙවා දැමීමෙන් උද්ධං සෝත අකනිට්ඨගාමී වෙයි.
මහණෙනි, මේ වනාහී පුරුෂ ගති සත යි.
මහණෙනි, අනුපාදා පරිනිබ්බානය යනු කුමක් ද?
මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. ‘මට අතීත කර්මයක් නොතිබුණේ නම්, මාගේ මේ වර්තමාන උපත නැත්තේ ය. අනාගතය පිණිස කර්මයක් නොතිබෙන්නේ නම්, මට අනාගත උපතක් ද නොතිබෙන්නේ ය. යමක් ඇද්ද, යමක් ඉපදුණේ ද එය අත්හරින්නෙමි’ යි. උපේක්ෂාව ලබයි. හේ භවයෙහි නොඇලෙයි. යළි උපතෙහි ද නොඇලෙයි. මත්තෙහි ශාන්ත වූ නිර්වාණය ඇතැයි මනාකොට නුවණින් දකියි. ඔහු විසින් නිවන පිළිබඳ සියල්ල සියළු අයුරින් සාක්ෂාත් කරන ලද්දේ වෙයි. ඔහු විසින් මානානුසය හැම අයුරින් ප්‍රහාණය කරන ලද්දේ වෙයි. අවිද්‍යා අනුසය හැම අයුරින් ප්‍රහාණය කරන ලද්දේ වෙයි. හේ ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ වෙයි.
මහණෙනි, මෙය අනුපාදා පරිනිබ්බානය යැයි කියනු ලැබේ.
මහණෙනි, මෙය වනාහී සත් වැදෑරුම් පුරුෂ ගතිය ත්, අනුපාදා පරිනිබ්බානය ත් ය.
සාදු! සාදු!! සාදු!!!
පුරුසගති සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M