සැවැත් නුවර දී ය …..
එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, යම් හෙයකින් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු නොදුන් කරුණු පිළිබඳ ව සැකයක් නූපදින්නේ නම්, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද?”
“භික්ෂුව, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට පිළිතුරු නොදුන් කරුණු පිළිබඳ ව සැකය නූපදින්නේ දෘෂ්ටි නිරෝධය නිසා ය.
භික්ෂුව, ‘තථාගත තෙමේ මරණින් මතු වෙයි’ යන මෙය දෘෂ්ටියකට අයත් වූවකි. භික්ෂුව, ‘තථාගත තෙමේ මරණින් මතු නොවෙයි’ යන මෙය දෘෂ්ටියකට අයත් වූවකි. භික්ෂුව, ‘තථාගත තෙමේ මරණින් මතු වෙයි, නොවෙයි’ යන මෙය දෘෂ්ටියකට අයත් වූවකි. භික්ෂුව, ‘තථාගත තෙමේ මරණින් මතු නොවෙයි, නොම නොවෙයි’ යන මෙය දෘෂ්ටියකට අයත් වූවකි.
භික්ෂුව, අශ්‍රැතවත් පෘථග්ජනයා දෘෂ්ටිය නොදනියි. දෘෂ්ටියෙහි උපත ද නොදනියි. දෘෂ්ටි නිරෝධය ත් නොදනියි. දෘෂ්ටිය නිරුද්ධ වන්නා වූ මාර්ගය ද නොදනියි. ඔහුගේ ඒ දෘෂ්ටිය වැඩෙයි. ඔහු ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, සුසුම් හෙළීම් වලින් නොමිදෙයි. සසර දුකින් නොමිදේ යැයි කියමි.
භික්ෂුව, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා දෘෂ්ටිය දනියි. දෘෂ්ටියෙහි උපත ද දනියි. දෘෂ්ටි නිරෝධය ත් දනියි. දෘෂ්ටිය නිරුද්ධ වන්නා වූ මාර්ගය ද දනියි. ඔහුගේ ඒ දෘෂ්ටිය නිරුද්ධ වෙයි. ඔහු ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, සුසුම් හෙළීම් වලින් මිදෙයි. සසර දුකින් මිදේ යැයි කියමි.
භික්ෂුව, මෙසේ දන්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ දකින්නේ ‘තථාගත තෙමේ මරණින් මතු වෙයි’ යන්න ප්‍රකාශ නොකරයි. ‘තථාගත තෙමේ මරණින් මතු නොවෙයි’ යන්න ප්‍රකාශ නොකරයි. ‘තථාගත තෙමේ මරණින් මතු වෙයි, නොවෙයි’ යන්න ප්‍රකාශ නොකරයි. ‘තථාගත තෙමේ මරණින් මතු නොවෙයි, නොම නොවෙයි’ යන්න ප්‍රකාශ නොකරයි.
භික්ෂුව, මෙසේ දන්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ දකින්නේ පිළිතුරු නොදුන් කරුණු පිළිබඳ ව නොපවසන ස්වභාවයෙන් යුක්ත වූයේ වෙයි.
භික්ෂුව, මෙසේ දන්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ දකින්නේ පිළිතුරු නොදුන් කරුණු පිළිබඳ ව නොතැති ගනියි. කම්පා නොවෙයි. නොසැලෙයි. නොවෙව්ලයි. සංත්‍රාසයට පත් නොවෙයි.
භික්ෂුව, ‘තථාගත තෙමේ මරණින් මතු වෙයි’ යන මෙය තෘෂ්ණාවට අයත් දෙයකි. මෙය සංඥාවට අයත් දෙයකි. මෙය මානයෙන් සිතූ දෙයකි. මෙය ප්‍රපංචයකි. මෙය උපාදානයට අයත් දෙයකි. මෙය විපිළිසරයකි. භික්ෂුව, ‘තථාගත තෙමේ මරණින් මතු නොවෙයි’ යන මෙය ….(පෙ)…. භික්ෂුව, ‘තථාගත තෙමේ මරණින් මතු වෙයි, නොවෙයි’ යන මෙය ….(පෙ)…. භික්ෂුව, ‘තථාගත තෙමේ මරණින් මතු නොවෙයි, නොම නොවෙයි’ යන මෙය ….(පෙ)…. මෙය විපිළිසරයකි.
භික්ෂුව, අශ්‍රැතවත් පෘථග්ජනයා විපිළිසර වන කරුණ නොදනියි. විපිළිසර වන කරුණෙහි උපත ද නොදනියි. විපිළිසර වන කරුණෙහි නිරෝධය ත් නොදනියි. විපිළිසර වන කරුණ නිරුද්ධ වන්නා වූ මාර්ගය ද නොදනියි. ඔහුගේ ඒ විපිළිසරය වැඩෙයි. ඔහු ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, සුසුම් හෙළීම් වලින් නොමිදෙයි. සසර දුකින් නොමිදේ යැයි කියමි.
භික්ෂුව, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා විපිළිසර වන කරුණ දනියි. විපිළිසර වන කරුණෙහි උපත ද දනියි. විපිළිසර වන කරුණෙහි නිරෝධය ත් දනියි. විපිළිසර වන කරුණ නිරුද්ධ වන්නා වූ මාර්ගය ද දනියි. ඔහුගේ ඒ විපිළිසරය නිරුද්ධ වෙයි. ඔහු ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, සුසුම් හෙළීම් වලින් මිදෙයි. සසර දුකින් මිදේ යැයි කියමි.
භික්ෂුව, මෙසේ දන්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ දකින්නේ ‘තථාගත තෙමේ මරණින් මතු වෙයි’ යන්න ප්‍රකාශ නොකරයි. ‘තථාගත තෙමේ මරණින් මතු නොවෙයි’ යන්න ප්‍රකාශ නොකරයි. ‘තථාගත තෙමේ මරණින් මතු වෙයි, නොවෙයි’ යන්න ප්‍රකාශ නොකරයි. ‘තථාගත තෙමේ මරණින් මතු නොවෙයි, නොම නොවෙයි’ යන්න ප්‍රකාශ නොකරයි.
භික්ෂුව, මෙසේ දන්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ දකින්නේ පිළිතුරු නොදුන් කරුණු පිළිබඳ ව නොපවසන ස්වභාවයෙන් යුක්ත වූයේ වෙයි.
භික්ෂුව, මෙසේ දන්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ දකින්නේ පිළිතුරු නොදුන් කරුණු පිළිබඳ ව නොතැති ගනියි. කම්පා නොවෙයි. නොසැලෙයි. නොවෙව්ලයි. සංත්‍රාසයට පත් නොවෙයි.
භික්ෂුව, යම් හෙයකින් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට පිළිතුරු නොදුන් කරුණු පිළිබඳ ව සැකයක් නූපදින්නේ නම්, එයට හේතුව මෙය යි. ප්‍රත්‍යය මෙය යි.
සාදු! සාදු!! සාදු!!!
අබ්‍යාකතවත්ථු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M