☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ ගිනි සතකි. ඒ කවර සතක් ද යත්;
රාගය නම් වූ ගින්න ය. ද්වේෂය නම් වූ ගින්න ය. මෝහය නම් වූ ගින්න ය. මව්පියාදීන්ට සත්කාර කිරීම නම් වූ ආහුනෙය්‍ය ගින්න ය. නිවසේ සිටින්නන්ට සත්කාර කිරීම නම් වූ ගෘහපති ගින්න ය. යහපත් මගට පිළිපන් ශ්‍රමණ බ්රාහ්මණවරුන්ට සත්කාර කිරීම නම් වූ දක්ඛිණෙය්‍ය ගින්න ය. දර ලී ආදියෙන් හටගන්නා වූ ගින්න ය.
මහණෙනි, මේ වනාහී සප්ත ගින්න යි.
සාදු! සාදු!! සාදු!!!
පඨම අග්ගි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M