අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.5.2. සමාධි පරික්ඛාර සුත්තං

7.1.5.2. සමාධියට උපකාරී වන දෙය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සමාධියට උපකාරී වන කරුණු සතකි. ඒ කවර සතක් ද යත්;

නිවැරදි දෘෂ්ටිය, නිවැරදි සංකල්පනා, නිවැරදි වචන භාවිතය, නිවැරදි කායික ක්‍රියා, නිවැරදි ජීවිකාව, නිවැරදි වීර්යය සහ නිවැරදි සිහිය යි.

මහණෙනි, මේ සප්ත අංගයෙන් පෝෂණය වූ චිත්තයෙහි යම් ඒකාග්‍රතාවයක් ඇද්ද, මහණෙනි, මේ ආර්ය වූ සම්මා සමාධිය හේතු සම්පත් සහිත යැයි ද, මාර්ගයට උපකාර කරුණු සහිත යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

සමාධි පරික්ඛාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M