අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.4.9. පඨම චිත්තවසවත්තන සුත්තං

7.1.4.9. චිත්ත වසඟය ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සප්ත ධර්මයකින් සමන්විත වූ භික්ෂුව සිත තමා වසඟයට ගත්තේ වෙයි. භික්ෂුව ද සිතෙහි වසඟයට නොවැටුණේ වෙයි. ඒ කවර සත් කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව සමාධියෙහි දක්ෂ වෙයි. සමාධියට සමවැදීමෙහි දක්ෂ වෙයි. සමාධිය පැවැත්වීමෙහි දක්ෂ වෙයි. සමාධියෙන් නැගී සිටීමෙහි දක්ෂ වෙයි. සමාධිය තුළින් සිත සතුටු කිරීමෙහි දක්ෂ වෙයි. සමාධියට ගෝචර වන කරුණු පිළිබඳ ව දක්ෂ වෙයි. සමාධිය ඉහළට දියුණු කිරීමට දක්ෂ වෙයි.

මහණෙනි, මේ සප්ත ධර්මයෙන් සමන්විත වූ භික්ෂුව සිත තමා වසඟයට ගත්තේ වෙයි. භික්ෂුව ද සිතෙහි වසඟයට නොවැටුණේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම චිත්ත වසවත්තන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M