අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.4.10. දුතිය චිත්තවසවත්තන සුත්තං

7.1.4.10. චිත්ත වසඟය ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සප්ත ධර්මයකින් සමන්විත වූ සාරිපුත්තයෝ සිත තමා වසඟයට ගත්තාහු ය. සාරිපුත්තයෝ ද සිතෙහි වසඟයට නොවැටුණාහු ය. ඒ කවර සත් කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා සාරිපුත්තයෝ සමාධියෙහි දක්ෂ වෙති. සමාධියට සමවැදීමෙහි දක්ෂ වෙති. සමාධිය පැවැත්වීමෙහි දක්ෂ වෙති. සමාධියෙන් නැගී සිටීමෙහි දක්ෂ වෙති. සමාධිය තුළින් සිත සතුටු කිරීමෙහි දක්ෂ වෙති. සමාධියට ගෝචර වන කරුණු පිළිබඳ ව දක්ෂ වෙති. සමාධිය ඉහළට දියුණු කිරීමට දක්ෂ වෙති.

මහණෙනි, මේ සප්ත ධර්මයෙන් සමන්විත වූ සාරිපුත්තයෝ සිත තමා වසඟයට ගත්තාහු ය. සාරිපුත්තයෝ ද සිතෙහි වසඟයට නොවැටුණාහු ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය චිත්ත වසවත්තන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M