සැවැත් නුවර දී ය …..
මහණෙනි, සප්ත ධර්මයකින් සමන්විත වූ සාරිපුත්තයෝ සතරක් වූ පටිසම්භිදාවන් ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරති. ඒ කවර සතකින් ද යත්;
මහණෙනි, මෙහිලා සාරිපුත්තයෝ ‘මාගේ සිතෙහි මේ හැකිළුණු බව යැ’යි ඒ වූ සැටියෙන් ම දන්නාහ.
තමා තුළ හැකිලී ගිය සිත හෝ ‘මාගේ සිත තමා තුළට හැකිලී ගියේ යැ’යි ඒ වූ සැටියෙන් ම දන්නාහ.
බාහිරට විසිරී ගිය සිත හෝ ‘මාගේ සිත බාහිරට විසිරී ගියේ යැ’යි ඒ වූ සැටියෙන් ම දන්නාහ.
තමා තුළ විඳීම් හටගන්නේ ප්‍රකට ව ය. පවතින්නේ ද ප්‍රකට ව ය. නැතිවන්නේ ද ප්‍රකට ව ය.
තමා තුළ සංඥා හටගන්නේ ප්‍රකට ව ය. පවතින්නේ ද ප්‍රකට ව ය. නැතිවන්නේ ද ප්‍රකට ව ය.
තමා තුළ විතර්ක හටගන්නේ ප්‍රකට ව ය. පවතින්නේ ද ප්‍රකට ව ය. නැතිවන්නේ ද ප්‍රකට ව ය.
හිත අහිත ධර්මයන් පිළිබඳ ව, හීන ප්‍රණීත ධර්මයන් පිළිබඳ ව, පුණ්‍ය පාප ධර්මයන් පිළිබඳ ව ඇති කරුණු මැනැවින් ගන්නා ලද්දේ වෙයි. මැනැවින් මෙනෙහි කරන ලද්දේ වෙයි. මැනැවින් දරා ගන්නා ලද්දේ වෙයි. ප්‍රඥාවෙන් මැනැවින් අවබෝධ කරන ලද්දේ වෙයි.
මහණෙනි, මේ සප්ත ධර්මයෙන් සමන්විත වූ සාරිපුත්තයෝ සතරක් වූ පටිසම්භිදාවන් ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නාහ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය පටිසම්භිදා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M