අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.3.8. සේඛ අපරිහානීය සුත්තං

7.1.3.8. හික්මෙන භික්ෂුවගේ නොපිරිහෙන කරුණු ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, නිවන් මග හික්මෙන භික්ෂුවගේ පිරිහීම පිණිස මේ කරුණු සත හේතු වෙයි. ඒ කවර කරුණු සතක් ද යත්;

බාහිර වැඩකටයුතුවලට ඇලීම ය. කථාවෙහි ඇලීම ය. නින්දෙහි ඇලීම ය. පිරිස් සමඟ ඇලීම ය. ඉඳුරන්හි නොවැසූ දොරටු ඇති බව ය. වළඳන ආහාරයෙහි අරුත නොදන්නා බව ය. සංඝයා අතර සංඝයා විසින් කළ යුතු දැ තිබෙයි. එහිලා නිවන් මගෙහි හික්මෙන භික්ෂුව මෙසේ සළකයි. ‘සංඝයා අතර පැවිදි ව බොහෝ රාත්‍රී ගෙවූ, පැවිදි ව බොහෝ කල් ඇති සංඝයාගේ බර උසුලන ස්ථවිර භික්ෂූහු ත් සිටිති නොවැ. ඔවුහු මේ වැඩකටයුතු වලින් ප්‍රකට වෙත් නොවැ’ යි මෙසේ සිතා තමාගේ කටයුතු නොකිරීමට පැමිණෙයි.

මහණෙනි, නිවන් මග හික්මෙන භික්ෂුවගේ පිරිහීම පිණිස මේ කරුණු සත හේතු වෙයි.

මහණෙනි, නිවන් මග හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස මේ කරුණු සත හේතු වෙයි. ඒ කවර කරුණු සතක් ද යත්;

බාහිර වැඩකටයුතුවලට නොඇලීම ය. කථාවෙහි නොඇලීම ය. නින්දෙහි නොඇලීම ය. පිරිස් සමඟ නොඇලීම ය. ඉඳුරන්හි වැසූ දොරටු ඇති බව ය. වළඳන ආහාරයෙහි අරුත දන්නා බව ය. සංඝයා අතර සංඝයා විසින් කළ යුතු දැ තිබෙයි. එහිලා නිවන් මගෙහි හික්මෙන භික්ෂුව මෙසේ සළකයි. ‘සංඝයා අතර පැවිදි ව බොහෝ රාත්‍රී ගෙවූ, පැවිදි ව බොහෝ කල් ඇති සංඝයාගේ බර උසුලන ස්ථවිර භික්ෂූහු ත් සිටිති නොවැ. ඔවුහු මේ වැඩකටයුතු වලින් ප්‍රකට වෙත් නොවැ’ යි මෙසේ සිතා තමාගේ කටයුතු නොකිරීමට නොපැමිණෙයි.

මහණෙනි, නිවන් මග හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස මේ කරුණු සත හේතු වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සේඛ අපරිහානීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M