අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.3.7. පඤ්චම භික්ඛු අපරිහානීය සුත්තං

7.1.3.7. භික්ෂුව නොපිරිහෙන කරුණු ගැන වදාළ පස්වෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ඔබට සප්ත අපරිහානීය ධර්මයන් දෙසන්නෙමි. එය අසව්. ….(පෙ)…. මහණෙනි, ඒ සප්ත අපරිහානීය ධර්මයෝ මොනවා ද?

මහණෙනි, යම්තාක් භික්ෂූහු අනිත්‍ය සංඥාව දියුණු කරන්නාහු ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පරිහානියක් නොවේ. මහණෙනි, යම්තාක් භික්ෂූහු අනාත්ම සංඥාව දියුණු කරන්නාහු ද, ….(පෙ)…. අසුභ සංඥාව දියුණු කරන්නාහු ද, ….(පෙ)…. ආදීනව සංඥාව දියුණු කරන්නාහු ද, ….(පෙ)…. ප්‍රහාණ සංඥාව දියුණු කරන්නාහු ද, ….(පෙ)…. විරාග සංඥාව දියුණු කරන්නාහු ද, ….(පෙ)…. නිරෝධ සංඥාව දියුණු කරන්නාහු ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පරිහානියක් නොවේ.

මහණෙනි, යම්තාක් කල් භික්ෂූන් තුළ මේ සප්ත අපරිහානීය ධර්මයෝ පවතිත් ද, මේ සප්ත අපරිහානීය ධර්මයන් තුළ ත්, භික්ෂූහු දකින්නට ලැබෙත් ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පරිහානියක් නොවෙයි.

සාදු! සාදු!! සාදු!!!

පංචම භික්ඛු අපරිහානීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M