අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.2.4. ආහුනෙය්‍ය පුග්ගල සුත්තං

7.1.2.4. ආහුනෙය්‍ය පුද්ගලයා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුනෙය්‍ය වෙති. පාහුනෙය්‍ය වෙති. දක්ඛිණෙය්‍ය වෙති. අංජලිකරණීය වෙති. ලෝකයාගේ අනුත්තර පින් කෙත වෙති. ඒ කවර සත් දෙනෙක් ද යත්;

උභතෝභාග විමුත්තයා ය. ප්‍රඥා විමුත්තයා ය. කායසක්ඛි ය. දිට්ඨප්පත්ත ය. සද්ධා විමුත්තයා ය. ධම්මානුසාරී ය. සද්ධානුසාරී ය.

මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන වනාහී ආහුනෙය්‍ය වෙති. පාහුනෙය්‍ය වෙති. දක්ඛිණෙය්‍ය වෙති. අංජලිකරණීය වෙති. ලෝකයාගේ අනුත්තර පින් කෙත වෙති.

සාදු! සාදු!! සාදු!!!

ආහුනෙය්‍ය පුග්ගල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M