සැවැත් නුවර දී ය …..
මහණෙනි, අංග සතකින් සමන්විත වූ දායක පවුල වෙත නොඑළඹුණේ එළඹෙන්නට සුදුසු වූයේ නොවෙයි. එළඹුණේ හෝ වෙයි නම් හිඳින්නට සුදුසු නොවෙයි. ඒ කවර අංග සතකින් ද යත්;
දැක සතුටට පත් ව හුනස්නෙන් නැගී නොසිටිති. සතුටින් යුතුව වන්දනා නොකරති. සතුටින් යුතුව හිඳින්නට ආසනය නොදෙති. දෙන්නට ඇති දෙය ත් සඟවති. බොහෝ තිබෙන නමුත් ස්වල්පයක් දෙති. ප්රණීත දේ තිබෙන නමුත් රූක්ෂ දේ දෙති. සකස් කොට නොව නොසකස් කොට දෙති.
මහණෙනි, මේ අංග සතෙන් සමන්විත වූ දායක පවුල වෙත නොඑළඹුණේ එළඹෙන්නට සුදුසු වූයේ නොවෙයි. එළඹුණේ හෝ වෙයි නම් හිඳින්නට සුදුසු නොවෙයි.
මහණෙනි, අංග සතකින් සමන්විත වූ දායක පවුල වෙත නොඑළඹුණේ එළඹෙන්නට සුදුසු වූයේ වෙයි. එළඹුණේ හෝ වෙයි නම් හිඳින්නට සුදුසු වෙයි. ඒ කවර අංග සතකින් ද යත්;
දැක සතුටට පත් ව හුනස්නෙන් නැගී සිටිති. සතුටින් යුතුව වන්දනා කරති. සතුටින් යුතුව හිඳින්නට ආසනය දෙති. දෙන්නට ඇති දෙය ත් නොසඟවති. බොහෝ තිබෙන විට බොහෝ දේ දෙති. ප්රණීත දේ තිබෙන විට ප්රණීත දේ දෙති. නොසකස් කොට නොව සකස් කොට දෙති.
මහණෙනි, මේ අංග සතෙන් සමන්විත වූ දායක පවුල වෙත නොඑළඹුණේ එළඹෙන්නට සුදුසු වූයේ වෙයි. එළඹුණේ හෝ වෙයි නම් හිඳින්නට සුදුසු වෙයි.
සාදු! සාදු!! සාදු!!!
කුලූපගමන සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M